(අංජුල මහික වීරරත්න)
රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී වාර්තා වන අක්‍රමිකතා වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙවර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු සම්බන්ධව පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
ගොවි ජනතාවට රජය විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් ලබා දෙන ලද රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 50කට පමණ චෝදනා එල්ල වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම නිලධාරින් සියලු දෙනාගේම සේවය අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
පසුගිය යල කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත් නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පීරිසකට චෝදනා එල්ල වී තිබෙන බවද වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත් කර ඉන්ධන අලෙවි කිරීම වැනි චෝදනා රැසක් ඒ අතර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
ඔවුන් පිළිබඳව ද මේ වනවිට විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 300කට පමණ මෙි පිළිබඳ චෝදනා එල්ල වී ඇතැයි අමාත්‍යංශය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.