IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි

( කුෂාන් ජයවර්ධන)

ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ දී අත්අඩංගුවට ගැනීමට  හැකිව තිබේ.

කිසියම් පිරිසක් වාලම්පුරි 04ක් අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබි තිබූ තොරතුර අනුව ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් ලෙස වනජීවි නිලධාරීන් පිරිසක් කටයුතු කර  ඇතැයි කියයි.

ඒ අනුව,  ව්‍යාපාරික වෙසින් පෙනී සිටි වනජිවී නිලධාරීන්ට එම වාලම්පුරි 04 රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට සැකකරුවන් එකඟව ඇති අතර ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ ස්ථානයකදී ඒවා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබිණ.

මෙම වාලම්පුරි සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිලාවේලි හා වව්නියාව ප්‍රෙද්ශවල පදිංචි වයස අවුරුදු 33, 38 හා 45 යන වයස් වල පසුවන්නෝ වෙති.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුච්චවේලි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙහෙයුම සිදුකර තිබිණි.  

 

 



අදහස් (2)

කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි

M. SAMAN PERERA Wednesday, 12 February 2025 09:39 AM

වාලම්පුරි විකුණන්න බැ කියලා රටේ නිතියක් තියනවාද?

:       0       3

Lalla Wednesday, 12 February 2025 02:10 PM

ඔය අත්අඩංගුවට ගන්න වාලම්පූරි සහ ඇම්බර්වලට මොකද කරන්නේ...? විකිණීම තහනමට හේතුව මොකක්ද? කවුරු හෝ දන්නා කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site