(යොහාන් භාසුර)
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 33 කට අධික බව ද නාවික හමුදාව කීය.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය රාත්‍රී කාලයේ යාපනය කරෙයිනගර් දූපතේ, පූම්මාටෙයි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත් එම ඩිංගි යාත්‍රාවේ උර තුනක් තුළ පාර්සල් 49 ක කේරළ ගංජා කිලෝ 100 යි ග්‍රෑම් 85 ක පමණ තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව භාරයට ගත් බවත් නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා පහසුවෙන් හා සාර්ථකව ලංකාවේ වවන්න පුළුවන්කම තියෙද්දි ඇයි රටින් ගේන්නේ?