(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් අද (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය හරහා හාලිඇළට ගොස් ඒ ඔස්සේ බදුල්ල දක්වා ගමන් කිරීමට නම් කර ඇති බවද ඒ මග ඔස්සේ කිලෝමීටර් තුනක් අමතරව ගමන් කිරීමට සිදුවන බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.
සැහැල්ලු වහන ධාවනය එක් මන් තීරුවකට සීමා වී තිබේ.
යම් හෙයකින් උඩුවර නාය ගිය තැනින් මාර්ග තලයට දරාගත නොහැකි බරකින් යුත් වහන ධාවනය වුවහොත් මාර්ගයටත් රථ වාහනවලටත් අවදානමත් ඇතිවිය හැකි බව ආපදා අංශ නිරීක්ෂණය කර තිබේ.
සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමේ දී තනි පෙළට ගමන් කළ යුතු බවද පොලිසිය මැදිහත්ව වහන හැසිරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හාලිඇල පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 21
141
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
222
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1079
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොළඹ - බදුල්ල මාර්ගය උඩුවරින් වහයි