IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි

(අංජුල මහික වීරරත්න)
කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන් කොටසක් විශ්ව විද්‍යාලයීය පිළිකා පිළිබඳ පර් යේෂණ අරමුදලට යොදවා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර් යේෂණ ඇසුරින්  කළ විද්‍යාත්මක අනාවරණ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල ලැබී ඇත.

Vernolac - පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය, Satiny - අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය,

Ortho Shield -සන්ධි ආශ්‍රිත වේදනා සහ කැක්කුම් සමනය කිරීමේ හැකියාව විද්‍යාත්මකව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය,Bio Shape - ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය සඳහා කොළඹ  විශ්ව විද්‍යාලයට මෙම කර්තෘභාග මුදල් හිමිව ඇත.

මෙම ඖෂධ අලෙවි කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.

ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර් ය එච්.ඩී කරුණාරත්න මහතාට  අදාල කර්තෘ භාග මුදල බාර දී තිබේ.



අදහස් (1)

කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි

බද්රානි Thursday, 28 September 2023 06:36 PM

මට හිතෙන්නේ මේක, පිළිකා සෛල නැසීමේ ඖෂධයක් නොව, රූපලාවන්‍ය සඳහා සුදුසු ආලේපන වර්ගයක් බවයි. ලංකාවේ ඉන්න පල් මෝඩයින් මේ වගේ විහිලු වැඩවලට චූන් වුණාට මේවා, ලෝකෙට විහිළු.. මොනවා වුණත් ජන්මයෙන් පැවතෙන ස්වභාවය මත කාගේ කාගේ හෝ පොකට් එකට නම් ගාණක් වැටෙන්න ඇති... අර හන්දිපත් අමාරුවට සිල්ලර කඩවල තියන තෙල් කුප්පියක් ගා ගත්තා නම් ඔයිට වඩා පිළිකා රෝගීන්ටත් වේදනාවට සහනයක් ලැබෙයි. මෙච්චර කල් ගහපු කයිවාරු හා පම්පෝරිවල හැටියට සමහරක් හිතාගෙන ඉන්නේ වැඩිම ඖෂධ හා වෙනත් නිෂ්පාදන කරලා තියෙන්නේ ලංකාවේ අය කියලනේ...? ඔහොම ජහ්...!!!

:       29       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site