
(ඩයනා උදයංගනී)
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත.
එහි වත්මන් උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියගේ ධූර කාලය ලබන අප්‍රේල් මස අවසන්වීමට නියමිත බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.
මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියගේ ධූර කාලය අවසන්වීමෙන් පසු මහාචාර්ය කරුණාරත්න මහතා එම ධූරයට පත්වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවෙම මේකට කොටුවේ පොඩි උන්නාන්සෙව දායි කියලා. එහෙම කලාමනෙ රටකට සෞභාග්‍යය උදාවෙන්නේ....?
පකිස්තානයේ ඇගලුම් කම්හලේ මිනීමැරුම මතක්වුනා .මැරුණ කෙනා වෙනුවට ගියෙත් ලංකාවෙ කෙනෙක් කියනවානේද .ලැජ්ජයි මහත්තයෝ