IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කොළඹ පුරපති පත්කිරීම ගැන සජබෙන් නීති පියවර

(නිමල කොඩිතුවක්කු)

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.

කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද  ඔහු සඳහන් කළේය.

කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන්  තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්  මහතා මෙසේද කීවේය.

“ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන රහස් ඡන්දවලට විරෝධය පළ කළා. මහජන නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ජනතාව දැනගත යුතුයි කියන එක ඔවුන්ගේ ස්ථාවරය වුණා. එහෙම කියන ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන තුළ රහස් ඡන්දයක් ඉල්ලා සිටියා.

ඔවුන් දිගින් දිගටම විනිවිදභාවය, පාරදෘශ්‍ය භාවය ගැන කතා කළා. මිනිස්සු ඔවුන්ට ඡන්දය දුන්නෙත් ඒ නිසා. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බව පැවසූ ජාතික ජන බලවේගය බලය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පාවල දීල තියෙනවා. ඔවුන් බලය ලබා ගැනීමේදී රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් මෙතැනදී පෙනී යනවා.

කොළඹ පුරපති තෝරාපත් කර ගැනීමේදී  පළාත් පාලන කොමසාරිස්වරිය නීති විරෝධී ලෙස කටයුතු කළා. ඇය පළාත් පාල පාලන පනතට අනුව කටයුතු කළේ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය තනතුරේ බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගියා. ඇය මෙතැනදී ආණ්ඩුවේ වුවමනා ඉෂ්ට කළා කියලා බොහොම පැහැදිලියි. අපි ඇයගේ ක්‍රියාකලාපය ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කළා. අපි මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.



අදහස් (8)

කොළඹ පුරපති පත්කිරීම ගැන සජබෙන් නීති පියවර

Warnasinghe Tuesday, 17 June 2025 06:34 AM

ඔව් ඉතින් පක්ෂයේ පුස් කන මුදල් වියදම් කරන්නත් හේතු ඕනනේ

:       0       5

සෙනෙවිරත්න Tuesday, 17 June 2025 06:57 AM

අත්සන් ගහපු ලියවිලි දැමිල්ලත් පනතෙ තියෙනවද, එහෙම එකක් කියමින් කොමසාරිස් වරියට බලපෑම් කලේ? අනෙක වාද වෙලා අන්තිමට සජබෙන්ම නේද රහස් ඡන්දෙට යමු කීවෙ ඒක දැක්කෙ නැතිද? උසාවි ගිහින් මොනව කියන්නද? රහස් ඡන්දෙ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද?

:       2       9

ජයනාත් Tuesday, 17 June 2025 07:29 AM

නිකං ඉඳහල්ල බං. රහස් ඡන්දය තමා නිවැරදි ක්‍රමේ . එහෙනං මහජන ඡන්ද ඇයි රහස්‍ය වෙන්නෙ. රොත්තම එකට තියල වගෙම දැන් වෙන වෙනමත් පරාද වුනා . පක්ෂෙ වැරදි හදාගෙන යනව මිස වෙට්ටු දාන්න ගියොත් බිංදුව ටම වැටෙනව ෂුවර් .

:       1       12

කෝරලගේ Tuesday, 17 June 2025 07:55 AM

මන්ත්‍රිවරුන්ට ඡන්දය දෙන්නේ ඔවුන්ගේ විඥානය අනුව කියලා මම හිතනවා,එහෙනම් මේ මූජුබර්ගෙ ප්‍රකාශය මොකක්ද? රීසාට ඡන්දය දෙන්න SJB මූජුබර් අල්ලස් දෙන්න ඇති කියලා ඇති, නමුත් ඒ අල්ලස් ගත්ත අය මේ මූජුබර් රවටලා තියෙනවා.ඉතින් යථාර්ථය එළියට ආවා. රට ගොඩ ගිය.

:       2       9

nalaka Tuesday, 17 June 2025 07:59 AM

සජබෙට වෙච්ච දෙයක් ...

:       1       9

මහසෙන් Tuesday, 17 June 2025 08:19 AM

සදාකාලික විපක්ෂ නායක සහ ගෝලයෝ රොත්ත.

:       1       11

Willows Drive Tuesday, 17 June 2025 08:20 AM

හොරැන්ට තනියෙනුත් බැහැ එකතු වෙලත් බැහැ

:       3       10

Samson Palliyaguru Tuesday, 17 June 2025 10:59 AM

සාමාන්‍ය විපක්ෂය රහස් මැතිවරණයක් වෙනුවට විවෘත මැතිවරණයක් භාවිතා කළ යුතුය. කමිෂනර් ට විවෘත මැතිවරණයක් නවත්වන්න බැහැ."

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1619 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site