IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කොළඹට තද වැසි

(නිමල කොඩිතුවක්කු)

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් එම  දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් කොලඹ අවට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල විය.

පාසල් සඳහා යන දරු දැරියන්, කාර්්‍යාල සඳහා යන පිරිස් සහ මගී ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්විය.

මෙයට අමතරව උඩුගම මි.මි 155, රත්මලාන මි.මි 155, කැටන්දොල මි.මි 152.3, මීගමුව මි. මි 145, කලුතර මි.මි 134, පොද්දිවෙල මි.මි 133.1, බණ්ඩාරගම මි.මි 132 ක් ලෙස ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.

මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙෂත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

(ඡායාරූපය: හේමපාල ලියනගේ)


(ඡායාරූප: එච්.එම්.ධර්මපාල)


(ඡායාරූපය: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)



අදහස් (0)

කොළඹට තද වැසි

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 778 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට
2024 නොවැම්බර් මස 14 48 0

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 44 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්
2024 නොවැම්බර් මස 14 73 0

මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග


ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 14 88 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
2024 නොවැම්බර් මස 14 559 0

එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 214 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 543 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1652 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site