(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය වෘත්තීය පුහුණුව සඳහා ආදර්ශ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම, වෘත්තීය විෂයයන් ජාතික පාසල් විෂය මාලාවට ඒකාබද්ධ කිරීම සහ මෙම විෂය ධාරාව උගන්වනු ලබන ගුරුවරුන් හට විශේෂිත ගුරු පුහුණුවක් ලබා දීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී යෝජනා විය.
සංවර්ධන කටයුතු සඳහා කොරියා ජනරජයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී තානාපති Lee Miyon මහත්මිය පැවසූ අතර සිසුන් බහුතරයකට ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ද කොරියා ජනරජයේ උනන්දුව තානාපතිනිය පැහැදිලි කළා ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරියා තානාපතිනිය- අගමැතිනී හමුවෙයි