IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කොබවක හිමිගේ ආරක්ෂාව ඉවත් කරලා?

(එම්.කේ.නන්දසේන)

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගෙ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉවත්කොට එම නිළධාරින් දෙදෙනා කිරිවෙහෙර පහල මළුවට සහ ඉහල මළුවට යොදවා ඇතැයි වාර්තා වේ.

තවද නාහිමියන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් දෙදෙනා ද කාවන්තිස්සපුර මූලස්ථාන කඳවුර  කැඳවා ඇතැයි කිරිවෙහෙර විහාරස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ නිසි අවසරයකින් තොරව ප්‍රභූ, දේශපාලන හා ආගමික නායකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන ලෙස තංගල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය තුළ ඇති සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා චක්‍ර ලේඛනයක් මගින් දැනුම්දී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී. එස්. ඉෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එස්.ටී.එෆ් ආරක්ෂාව ඉවත්කොට ඇතැත් පොලිස් ආරක්ෂාව එලෙසම පවතින බවය.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වසර හතකට වැඩි කාලයක් තිස්සේ පොලිස් හා එස්. ටී. එෆ්. ආරක්ෂාව ලබාදී තිබිණ.

 



අදහස් (3)

කොබවක හිමිගේ ආරක්ෂාව ඉවත් කරලා?

ravin Thursday, 23 October 2025 07:13 PM

මහණදම යනු ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන නිවනට යන ගමනකි. ආරක්ෂාව අවශ්‍ය ජීවිතයේ ලෞකික සැප උදෙසාය. ඉතින්...

:       7       41

සඳමාලි Thursday, 23 October 2025 07:37 PM

කමක් නෑ. පුනරුදයටලුනේ රට යන්නේ. ඒ සඳහා සැලකිය යුතු ලොකු පියවරක් ඊයේ, පෙරේදා වැලිගම ප්‍රාදේශීය සභාවේදී තිබ්බානේ. කමෝන් මාලිමාණ්ඩුව...!

:       33       12

පන්සිළු Thursday, 23 October 2025 07:56 PM

සිංහලබෞද්ධ නායකයින් විනාශ කර සිංහල බෞද්ධ රට විනාශ කිරීමේ ජාත්‍යන්තර කොන්ත්‍රාත් එක කොටි ඩයස්පෝරාව සමඟ එක්ව වර්ථමාන දීන පාලකයින් විසින් ක්‍රියාත්මක කරමින් පවතියි. පචවලට හසු වී රැල්ලට ඡන්දය දුන් ජනතාව මේවාට වගකිව යුතුයි. තව තව සෙල්ලම් ළඟ ළඟ දැකිය හැකිවෙයි. හැබැයි ඒ එයාලාගෙත් අවසානය සමඟ...

:       39       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site