
(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
ඉදිකිරීම් අවසන් භාගයේ පැවතුණද, කොන්ත්‍රාත්කරු එය අතහැර දමා ගොස් ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට රුපියල් මිලියන 650 කට අධික මුදලක් වැය කරමින් ඉදිකිරීමට නියමිතව තිබූ හදිසි ආපදා ඒකකය මේ වනවිට සමරු ඵලකයකට පමණක් සීමාවී ඇතැයි ද නගරවාසීහු පවසති.
ඵසේම ජපන් ආධාර යටතේ ජයිකා පදනම මගින් හදවත් රෝගීනට ප්‍රතිකාර සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සංකීර්ණය ද සමරු ඵලකයට පමණක් සීමා වී තිබෙන අතර හෙදියන් සඳහා ඉදිකරනු ලබන සිවු මහල් ගොඩනැගිල්ලේ ද ඉදි කිරීම් අතහැර දමා ගොස් ඇත.
හෙද හෙදි පුහුණු පාසලේ පස්මහල් ගොඩනැගිල්ල ද මේ වනවිට නතර වී ඇත. පිළිකා රෝගීන් සඳහා ඉදිකිරීම් ආරම්භ කර ඇති තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මාලය පමණක් අඩක් ඉදිකර ඇතත් එහි වැඩ නිමාවී නැත.
සැතපුම් සිය ගණනක් ඈතින් සායන සඳහා පැමිණෙන රෝගීන් පෙර දිනයේ පැමිණ අගුපිල්වල නිදාගන්නා අයුරු දැක ගත හැකිය.


COMMENTS
මේවා සෞඛය බලධාරීන්ගේ දුර්වල කම්. හරියට ව්‍යාපෘතිය කළමනාකරණය වුනානම් මෙහෙම වෙන්නේ නැහැ . අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂක, විද්‍යාත්මක, පරිපාලන සහ තාක්ෂණික වැනි වෙද කමට පරි බාහිර තනතුරු බොහොමයක් වෛද්‍ය උපාධිදාරීන් හොබවනවා. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණ ඉංජිනේරුවන් විද්‍යාඥයින් වැනි අය රටෙහි ඔනෑ තරම් ඉන්නවා හැබැයි වෛද්‍ය උපාධිදාරීන් සියල්ල බදා ගෙන. අන්තිමට වෙද කමට දොස්තරලාත් නැහැ. පරිපාලනයත් දුර්වලයි. ඉස්පිරිතාලයකට ගියහම, සමහර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු කනිටු වෛද්‍යවරු මත සියල්ල පටවලා තමන්ගේ පුද්ගලික වැඩ කරනවා. මාසයකටම රෝහලක ගත කරන්නේ පැය කිහිපයක්. ලෙඩුන්ට දොස්තරලාත් නැහැ. හැබැයි අති කාල සහ අනෙකුත් සියලු වරප්‍රසාද සියල්ලම ගන්නවා.
කරුණා කර ඔය සමරු ඵලක වල පින්තුරත් මෙහි දමන්න , ඔය කොන්ත්‍රත් කරුවන්ට ඕක බාර දුන් අදාල දේශහිතයිෂි ඇමති කවුද කියල අපි හැමෝටම බලාගන්න ,ඒ දවස් වල ඕක හදපු වෙලාවේ ඔතන ඉඳන් රට ගොඩ නගන කතාවකුත් කරන්න ඇතිනේ , බොහෝවිට උන්දැ දැන් රනිල් ගේ කබිනට්ටුවෙත් ඇති ( තවමත් රට ගොඩනගන කතා කියමින් )
කොන්ත්‍රාත්කාරයෝ අතින් සල්ලි දාලා පිනට වැඩකරන්නේ නැහැනේ .ඒ මිනිස්සුන්ට ගෙවන්න තියන සල්ලි වලට විදපු උන් තමයි වැරදි කාරයෝ
කොන්ත්‍රාත් කරුවො පැන යන්නෙ කාටවත් බයෙවත්, වැඩ බැරුවවත් නෙවෙයි. තමන්ගෙ මහන්සියට කාලයට පවුල ජීවත් කරන්න ලබෙන්න ඔනි දවසෙ පඩියවත් ලබෙන්නෙ නැති නිසා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් නෑ කියල බොහොමයක් කොන්ත්‍රත් කරුවන්ගෙ මිලියන ගනන් මුදල් ලබා දීල නෑ. දවසෙ වැටුපට වැඩ කරන මනුස්ස්යට මාස ගානක් පඩ් නෑ. ළමයිට කන්න නැ. සමහරු දිවි නසා ගන්නව. කොන්ත්‍රාත් කරුවො අනාත වෙලා. හබැයි එච්චර සල්ලි නැති අමාත්‍යංශයේ දැනටමත්මා සෙකට ලක්ශ ගනන් හොරට අතිකාල ගනිමින් සිටින පිරිසකට විතරක් රු 35,000 ක් වැඩි කල මාසෙකට රු. බිලියන ගානක් දෙනව එයාලගෙ පව්ල් ජීවත් කරන්න බෑ කියල. මරු රටවල්
ශෙහාන් ලා ,රටේ ආර්ථිකය හදන්න යනවා ,තාම එයාලගේ රෝහල් හදාගන්න බැහැ හරියට .බයිලා විතරයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ හොදම ගැහිලි තියෙන්නේ, ඖෂධ මිලදී ගැනීම හා සායනික උපකරණ මිලදී ගැනිමේදි, ඒ නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී, රථ වාහන මිලදී ගැනිමේදි සිදු කරන ගනුදෙනු ඇමතිට අදාලම නැතුව ඇති.
කොහේ හදන්නද. ඇමැතිත් ඉන්නේ හිරේ.
කොන්ත්‍රාත් ගිවිසුම් වල කොන්දේසි තියෙනවා. මුදල් ගෙවිය යුතු කාලසීමා මෙන්ම ඒ කාලසීමාව තුල මුදල් ගෙව්වෙ නැතිනම් වැඩ නවත්වන්නත් කොන්ත්‍රාත්කරුවන්ට පුලුවන්. කොන්ත්‍රාත්කරුවෙකුගෙ මාසික බිල කෝටි 8ක් 10ක් විතර වෙනවා. එතරම් මුදලක් නියමිත කාලසීමාව තුල නොලැබුනාම කොන්ත්‍රාත්කරුවන් වැඩ කරගෙන යන්නෙ කොහොමද? කොන්ත්‍රාත් ගන්නවා කියන්නේ ගෙව්වත් නොගෙව්වත් ගෙදරින් සල්ලි ගෙනල්ලා වැඩ කරනවා කියන එක නොවේ. උපුල් හේරත්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනයෙ SBD 02 කියන කොන්දේසි පොත හොයාගෙන කියවන්න. බොහෝ රජයේ කොන්ත්‍රාත්වලට අදාල මේ කොන්දේසියි. කොන්ත්‍රාත්කරුවන්ට වැරදි කියන්න කලින් හොයල බලන්න ඇත්තටම සිද්ද වුනේ මොකක්ද කියලා.