
(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම මෙම නගරාන්තර දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ට පිටත් වන දුම්රිය දහවල් 11.38ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වන අතර නැවත එදිනම පස්වරු 12.30 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව රාත්‍රී 7.19 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.
පළමු පන්තියේ මැදිරි දහයකින් සමන්විත මෙම නගරාන්තර දුම්රියේ එක් ගමන් වාරයක් සදහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3200 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
එතකොට අඩු ආදායම් ලාභීන්ට මේ අය කවුද? හැමෝටම පළවෙනි කැලෑසිය යන්න වත්කම් නැහැනේ...!!!
බොහොම හොඳයි. වොරන්ට් වලින් යන්න පුළුවන්ද බැරිද හා නවත්වන ස්ථාන සඳහන් කළොත් හොඳයි...
හොඳයි. වොරන්ට් යන්න පුළුවන්ද දුම්රිය නවත්තන ස්ථාන....?
යාපනයට යාල් දේවී දුම්රියේ 1වන පංතියේ එක්කෙනෙක්ට ගාස්තුව අය කරන්නේ රු.2800...!