
(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (11) නියම කළාය.
රුපියල් ලක්‍ෂය බැගින් වටිනා මුදල් සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළ අතර මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවුවාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ නඩුවේ 07 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන්ය.
සැකකරුවන්ගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තා සැලසැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ පළමු සැකකරු වන බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාට ඇප දීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය.
රත්නකුමාර හේරත් සහ වෛද්‍ය විජිත් ගුණසේකර නමැති සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊට විරුද්ධත්වය නොදැක්වු නමුත් නඩුවේ 08 වැනි සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කළ නමුත් සැකකරුවන්ගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තා සැලසැලකිල්ලට ගනිමින් ඔවුන්ට ඇප නියම කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර ඇත.
පැමිණිල්ල කැඳවු අවස්ථාවේදීි පසුගිය නඩු දිනයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනයට යැවු සුදත් ජානක නැමැති සැකකරු හැර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
නිදොස් කොට නිදහස් .100% ස්ථිරයි
මෙයාට දැන් ඉතින් හිමීට මහ මැතිවරනෙට සුදානම් වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ල බලමු කාගේ වේදිකාවටද ගොඩවෙන්නේ කියල
සජිත් මහත්තයාට ස්තූති කරලා බෝට්ටුවෙන් රට පැනපන්
මුන් ජනෙල් වලින් පනිනකොට නම් ඉහෙන් බහින ලෙඩක් නෑලු .බලු වැඩ කරලා හිරේ රිමාන්ඩ් කලාම ලෙඩ ගොඩවල් .කාලකන්නි
බන්ධනාගාරය ඉස්සරහා මල් ශාලාවකුත් තියෙනවා. ඔහොම්ම ගියොත් නරකෙයි...
කෙහෙලියට ඇප දෙන්න එපා... අහිංසක ජීවිත කීයක් නැතිවුනාද!!!
බලමු එලියට ආපුහාම ලෙඩ හොඳ වෙන විදිහ
දැන් මොවුන් රට හැර ගිය බව සඳහන් පුවතක් ලබන සුමානෙ අසන්නට ලැබෙයි... ඉතින් අල්ලයි නැට්ට
ගේ ඉස්සරහ මල් සාලාවක් දාන්ඩ බැරිවෙන එකක් නැහැ .
අදටත් මේ රටේ නීති පද්දතියේ උඩම ඉන්න නීතියේ දෙවගන ගේ ඇස් වලට වැලි ගහල ඉන්න ඔක්කොම 21 න පස්සේ සුද්ද කල යුතුමයි. එහෙම නොවුනොත් මේ රටේ, ඇති එකාට එක නීතියක් නැති එකාට වෙන නීතියක්. අන්න ඒ system change එක කල යුතුමයි රට දියුණු වෙන්න.
ඊළග නඩු දිනයේදී නිදොස් තොට නිදහස්…!
දැන් එතකොට ඔක්කොම ඉවරද ?
වැඩක් නැහැ දැන් ඉතින් කෙහෙළියගේ නම දූෂිතයෙක් කියලා ඉතිහාසයට එක්වී හමාරයි
මේ නඩුව ඉක්මණින්ම අහලා මේ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ.... එහෙම කරොත් අනෙකුත් රජයේ සේවකයොත් තමන්ගේ රැකියාව නිවැරදිව කරන්න යම් පෙළඹවීමක් වේවී.
මේ ගොල්ලෝ ඔක්කොම කියන්නේ ඔය දැන් තියෙන දේපල ධනය අයුතු විදියට උපයා ගත්තු ඒවා නෙමෙයි ඒගොල්ලන්ට පරම්පරාවෙන්ම තිබිච්ච ධනය කියලා. එහෙමනම් කොහොමද මෙයා ඒ කාලේ ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 170 අරගෙන සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ප්‍රතිකාර ගන්න ගියේ? මොකද ඔය ජනාධිපති අරමුදල කරන අය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට හදවත් සැත්කමකට ලක්ෂ දෙකක් දෙන්නෙත් තියෙන දේවල් ගැන අලගිය මුලගිය තැන ඔක්කොම හොයලා නොදී ඉන්න බැරිම තැනක තමයි දෙන්නේ. දැන් පේනවද මෙතෙක් කල් බලයේ උන්නු ඔය දෙගොල්ලොම අපිට සොච්චමක් දෙනකොට තම තමුන්ට පක්ෂ බෙදෙන් තොරව හොඳට බෙදා හදාගෙන කාලා තියෙන වග.
දැන් පුළුවන් මෙයාට රනිල්ගේ ස්ටේජ් එකට නගින්න
ගේ ළගින්ම මල් සාලාවක් විතරක් නෙවෙයි මිනි පෙට්ටි විකුණන තැනක් උනත් දාගන්ඩ බැරි වෙන එකක් නැහැ.
මේ තීරණය බොහෝ විවේචනයට බඳුන් වී ඇති බව පේනවා .පිළිම දෙවඟන නෙමෙයි මිනිස් දෙවඟනුන් අධිකරණයේ විශ්වාසනීයත්වය ආරක්ෂා කල යුතුයි