
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු අද(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අහංගම ඇද්දුන්කැලේ වත්ත පදිංචි පිරිමි දරුවෙකි.
කෙසෙල් ගෙඩි කැබැල්ල හිරවිමෙන් පසු දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවය.පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ළදරුවන්ට කෙසෙල් තලප කරලා පොඩි හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ කවන්න මාපියන් දන්නේ නැද්ද?
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දෙමව්පියන්ගේ නොදැනුවත්කමයි .ගැබිණි මව් වරුන්ට ක්ලිනික් වලට අමතරම ප්‍රථමාධාර පුහුනුවක් ඔවුන්ට දිය යුතුයි.කිරි හෝ කෑම හිර උනොත් මොනවද කරන්නේ ආදී වශයෙන් හඳුනාගත් අනතුරු වලට ගත හැකි ප්‍රථමාධාර ඉගැන්විය යුතුය .මෙය රජයේ වගකීමකි
මෙවන් අකල් මරනයක් තවත් සිදුනොවන්න පවුුල් සෞඛ්‍ය නිලදාරින් වග බලා ගතයුතුයි. අද සමාජයේ දැනුමක් නැති දෙමාපියන් බොහො අය සිටින නිසා දැනුවත් කරයුතුයි.
ඇත්තටම ගොඩක් අම්මලා හිතනවා අවුරුද්දක් කිට්ටු දෙනකොට බබා දැන් ලොකුයි කියලා. ඒත් ඇත්තටම ගොඩක් වගකීමෙන් දරුවො බලාගන්න ඕනි කාලෙ තමයි ඒ පටන් ගන්නේ. කෑමක් උනත් කවද්දි ලගම ඉන්න ඕනි. කටක් ගිලලා ඉවර උනාම අනිත් ටික කවන්න ඕනි. කෙසෙල් වගේ දේවල් පොඩි කරලා හරි කුඩාම කැබලි කපලා දෙන්න ඕනි.
ඒ දෙමව්පියන්ට ගොඩාක් දුක ඇති .ඒත් අම්මා දන ගන්න ඕනි පුතාව බලාගන්න.අනික ගෙදර අනික් අයත් පොඩිබහට බහට අවධානය දෙන්න ඕනි ..අම්මා කියන්නෙත් නිදහස නැත කෙනෙක්