
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මිය ඉදිරියෙදී පුත්තලම සිමේන්ති සමාගමේ උඳුනේදී විනාශ කළේය.
මෙලෙස විනාශ කර දැමුවේ 2021 වසරේ දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් විදේශීය සැකකරුවන් හය දෙනෙකු සමග අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 250 යි ග්‍රෑම්ස් 996 කී. ඒ සමගම නැවතත් 2022 වසරේ අප්‍රේල් මාසයෙ 19 දින නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලිමකදි සැකකරුවන් හත් දෙනෙකු සන්තකයෙ තිබු හෙරෝයින් කිලෝ 243 යි ග්‍රෑම්ස් 52 ක් මෙලෙස සෙල්සියල් අංශක 1300 අධික දහනයක් යටතේ ක්‍රියාත්මක උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණි.
කොළඹ මහ අධිකරණයෙන් භාර ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ ආරක්ෂාව යටතේ කටුනායක අධිවේගි මාර්ගය හරහා පැමිණ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයෙ පුත්තලම පාලවිය පිහිටි සිමේන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒම සිදුවිනි.


2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු කිලෝ 494ක් විනාශ කරයි
Ahmed (Gulf) Tuesday, 29 April 2025 12:39 AM
තිරිඟු පිටි විය යුතුයි ???
බකල ජයා Tuesday, 29 April 2025 09:02 AM
පිටි කිලෝ කීයක් විතර තියෙන්න ඇතිද?
නිහාල් Tuesday, 29 April 2025 02:05 PM
අපරාදේ පාන් කීයක් නම් හදන්න තිබුණ ද