(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
1970 ත් 1977 ත් අතර කාලයේ හාල් පොලු මිරිස් පොලු දමා ආහාර ප්‍රවාහණය තහනම් කලා. අගහරුවාදාටත් සිකුරාදාටත් බත් කෑම සම්පූර්නයෙන් තහනම් කලා. පාන් බාගයක් ගන්න උදේ හතරේ සිට ලුනු මිරිස් කාඩ් එකත් අරගෙන බේකරි ළග පෝලිම්වල රැක සිටියා.
ඒකට කමක් නැ ඉනන හිටිනන තැනක් තියනවනේ
දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න කියන එක තුට්ටුවටවත් මායිම් නොකරන ආණ්ඩුවක්
ගමේ හිටිය මිනිස්සු ඔක්කොම තවම ඉන්නවද කියල හොයල බැලුවද?
රට ඉවරයි .පුළුවන් අය ඉකමනින් වෙන රටවල් වලට පැන ගන්න .ඊට පස්සේ අනිත් අයටත් උදව් කරන්න ලංකාවෙන් පැන ගන්න
සෞබගයේ දැක්ම.
ඔක්කොම ඉහලට යනවා .අපි දවසින් දවස පහලට යනවා
හොඳ දෙයක් මන්දපෝෂණය නිසා ජනගහනය අඩු වෙනවා
කිසිම හිතක් පපුවක් නැ මේ අයට. දරුවෙක්ට කිරි ටිකක් දෙන්නේ කොහොමද? යන්තමට හරි ගෙයක් හදාගන්නේ කොහොමද?
එන්නත් දුන්නේ නොමිලේ කියල හිතුව නේද? දැන් සැපද?
දැන්නම් ලංකාවෙන් යන එකම තමයි හොඳ.
දැන් වෙනස සැපද?
දැන් සැපද?
සිමෙන්ති වලට 80%ක් මැටි 16% හුණුගල් ඉතිරි 4% ජිප්සම් ලුණු ලේවායෙන් හැදෙන අතුරු පලයක්. අපේ රටේ සිමෙන්ති හදලා රට යවන්නත් පුලුවන්. එහෙව් එකේ සිමෙන්ති රටින් ගේන්නේ මොකටද?
කිරිපිටි පාන්පිටි මිල ඉහළයාමට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ සම්බන්ධයක් නෑ. මේ සේරම කලේ අර අලගියවන්න ඇමතිතුමා. බන්දුල ඇමතිතුමා කවදත් මහජනයාගේ පැත්තෙ. රු. 2,500 කින් ජීවත් කරවපු වෙන ඇමතිවරයෙක් මේ ලෝකේ ඉන්නවද?
මේක මාර රටක්නේ අපි ඉන්නේ පිටරට මේරටවලත් කොරෝනා උපරිමයෙන් තිබුනා තවටත් තියනවා නමුත් කනබොන දේවල් කිසිවක් වැඩි වේන්නේ නැහැ ලංකාව පාලනය කරන අය තමා වැඩිකරන්නේ. පවු අහිංසක මිනිස්සු.
ජය වේවා 69ට, තව මදි.
එක පාරටම දැන් අවුරුද්දක විතර ඉදල රටේ හොරු වැඩි වෙලා. අපේ ගමේ ගෙවල් ගොඩකට හොරු පැන්නා. මේ වෙනකන් වත්තට තාප්ප ඕන වුනේ නැහැ. නමුත් හොරුන්ගේ ප්‍රශ්නය උග්‍ර හින්දා තාප්පයක් ගහන්න හිතුවා විතරයි මෙන්න සිමෙන්ති ගණන් යනවලු.
ඕනෑම අවස්ථාවක ඔවුන් සංක්‍රමණය වීමට ඇත්තෙන්ම සූදානම් ය. ශ්‍රී ලංකාවේ වම් අත; එක්සත් ජනපදයේ දකුණු අත!
නියමයි, ඉල්ලන් කෑම.
මේකත් ගේමක් කියලා ඉහල නිලධාරියෙක් ඊයේ සාකච්ඡාවකදී කිව්වේ.
දුප්පත් මිනිසුන්ට කිසි සහනයක් නැ
කුම්බලා කටු කෑවා නම් දුකවිඳපන් බළලෝ කිව්වලු...
ආණ්ඩු විපක්ෂ කියල භේදයක් ජනතාවට පෙන්නුවට එහෙම දෙයක් මේ අය අතර නෑ. දෙපැත්තම හොරු රකින්නෙ ඒකයි.
කාලා හමාරයි.