IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් 14 වැනි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සීමිත විරෝධතා ගොනු කරන ලෙසද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන ,අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මේ පෙත්සම ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.

මල්ගල්ලේ සුජාත විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර , ගෝල්ඩන් අයිඩන් හොස්පිටලිටි සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ.

පසුගිය ජූලි 5 වන දින වසර පහක කාලයකට බල පැවැත්වෙන පරිදි ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි සමාගම යටතේ ඇති මැජිස්ටික් ෆ්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා නැමැති ආයතනයට කැසිනෝ ව්‍යාපාර පැවැත්වීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේදී පෙත්සම්කරුට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ආයෝජනය කළ යුතු අවම මුදල වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් තැන්පත් කිරීමක් සිදුකොට ඇත.

ඊට අමතරව මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති හා රෙගුලාසිවලට පටහැනිව ය.

ඊට අමතරව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු වන රුපියල් බිලියන 10 ක මුදල ගෙවා නොමැති බව පෙත්සම්කාර හිමියන් කියා සිටිති.

මෙමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව මෙන්ම රජයේ රෙගුලාසි ද උල්ලංඝනය කර ඇත.

මෙම තත්ත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අදාළ බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් විසින් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (2)

කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්

Kumasaru Wednesday, 02 October 2024 07:37 AM

ලැජ්ජයි!!! ඇයි ඔබ නම් හෙළි නොකරන්නේ. ඉදිරි මැතිවරණයේදී ඔවුන් තෝරා ගැනීමෙන් වැළකී සිටීමට ඡන්දදායකයින්ට මෙම තොරතුරු අවශ්‍ය වේ.

:       0       13

maalaka Wednesday, 02 October 2024 09:04 AM

කොහොමද කෙරුවාව ?පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ක්‍රියාත්මක කරන්නේ ?මොන "සන්තෝසම් " ලැබුනද දන්නේ නැහැ

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30640 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12645 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10916 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 803 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 890 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site