(අංජුල මහික වීරරත්න)
කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය මඟින් දුම්රිය ප්‍රවාහන නවීකරණය යටතේ කාර්යක්ෂම දුම්රිය සේවාවන් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කරමින් ඊට අදාළ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. පෙර පැවති දුම්රිය මාර්ගය ආශ්‍රිතවම එකී දුම්රිය මාර්ගය නැවත සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතුව ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසපාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ බලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැලණිවැලි කෝච්චි පාර රත්නපුරේට දිගු කරන්න අධ්‍යයනයක්
Lalla Thursday, 23 October 2025 01:54 PM
කලකට ඉහත සබරගමුවේ හිටිය පොදු පෙරමුණේ මහ ඇමැතිවරයෙක් සහ ඇමතියෙක් අවිස්සාවේල්ල සිට රත්නපුර අතර දුම්රිය ඉඩම් කට්ටිකර ඡන්ද පදනම වැඩි කරගන්න බෙදලා දුන්නා නේද?
Sugathapala Thursday, 23 October 2025 03:03 PM
ඔය මාර්ගය වැසීමේ යෝජනාව ගෙනාවෙ කවුද ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කලේ කවුද පක්ෂෂග්‍රාහීව ඡන්දය දුන්නෙ කවුද දන්න කෙනෙක් කියන්න එම කාලයේ හැන්සාඩ් වාර්තා ගන්න ක්‍රමයක් තිබේනම් කොහොමද කියන්න