IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කැන්දන් ආ දිනයේම මනාලිය මනාලයාගේ කන කාලා

(සුරංග රාජනායක)

විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ මනමාලිය  මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක් ගම්පොලින් වාර්තා වේ.

මනමාලයාට පහරදුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්ද මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.

මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බව ගම්පොල පොලිසිය පවසයි.

මනමාලිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇය පුද්ගලික මුල්‍ය ආයතනයක ද සේවය කොට ඇති අතර මනමාලයා ගලත ප්‍රදේශයේය. ඔහුද පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.

දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමිනි ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි.

දෙදෙනාම හනිමුන් ගොස් දින හතරක් පමණ ගත කොට යලි ගලත පිහිටි මනමාලයාගේ නිවසට පැමිණ තිබේ. එහිදී මනමාලයාගේ මිතුරකු හමුවී ඇති මනමාලයා දෙදෙනාම බියර් එකක් පානය කොට තිබේ.

මේ හේතුව නිසා මනමාලයාට නිවස තුළට පැමිණීමට පැය භාගයක ්‍රමාදයක් සිදුව තිබේ.

මින් දැඩි ලෙස කෝපයට පත්ව ඇති මනමාලිය නිවසට පැමිණ ඇති මනමාලයාට බැන වැදී පහර දී මට පටන් ගෙන තිබේ පසුව ලේ පෙරෙන තුරු කන සපා කා ඇති ඇය ඔහුගේ ශරීරයද නියපොතුවලින් සුරා තිබේ.

කලබලය නැවතීමට මැදිහත් වූ මනමාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇති මනමාලිය මනමාලයාගේ මව ද තල්ලු කර දමා තිබේ අනතුරුව මනමාලයාගේ නැගනියට ද පහර දී ඇති ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා තිබේ .

ඒ අනුව මනමාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් සමග සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

 



අදහස් (6)

කැන්දන් ආ දිනයේම මනාලිය මනාලයාගේ කන කාලා

චන්දන Thursday, 26 January 2023 04:05 PM

අවුරුදු 7ක් ආශ්‍රය කළේලු. මොනව ද දන්නෙ නැහැ ඒ කාලෙ කරපුව .

:       1       46

මලිත් Thursday, 26 January 2023 07:22 PM

ඇති යන්තන් කන විතරක් කාලා බේරුණා... වෙන මොනවත් කඩාගන්නේ නැතුව...

:       0       25

ගජමිතුරු Friday, 27 January 2023 05:19 AM

වෙන මොනවත් ගැන හිතහිතා තමයි ඉන්න ඇත්තේ.. ප්‍රමාද වුණාම ඉවසුමක් නැතිවෙලා ක්ෂණික කෝපයට පත්වෙලා කියලා හිතෙනවා...

:       0       1

jayasekara Friday, 27 January 2023 09:48 AM

මයික් ටයිසන්ගේ නංගිද කොහේද බැඳගෙන තියෙන්නේ...!

:       0       3

Deepal Nanayakkara Friday, 27 January 2023 01:10 PM

පළමු වැරැද්ද මනමාලියගේ දෙමව්පියන්ගේ. (දරුවකුට ඉවසීම මෙන්ම, අපේක්ෂා කරන සියල්ල එලෙසම සිදු නොවන බව කුඩා කල සිටම තේරුම් කරදිය යුතුයි) දෙවැන්න අදාළ තරුණයා සහ තරුණිය අවුරුදු හතක් ආශ්‍රය කළා නම් දෙදෙනා ගැන අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි... විශේෂයෙන්ම ආදර සම්බන්ධතා පවත්වන කාලයේ දෙදෙනාම ඇත්ත වසන්කර බොරු මවාපෑම් කිරිමේ විපාක තමයි ඔය...

:       0       5

Bandara Monday, 30 January 2023 08:45 PM

ගම්පොල ගෑනු ඔහොම තමයි. මමත් බැඳලා ඉන්නේ ගම්පොලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site