IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන වැඩක් හරිනි කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂනායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඉලක්ක කර කළ  අපහාසාත්මක  ප්‍රකාශය  තර්ජනයක් වගේම  කාන්තා හිංසනයක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසුවාය .

මේ රටේ  කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන්න පුළුවන් ඔක්කොම කරලා අන්තිමේදී කාන්තාවන්ටම වරද පටවන බවද  ඇය කීවාය.

අගමැතිවරිය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ ලක්මාලි හේමචන්ද්‍ර  මන්ත්‍රීවරිය අමතා කළේ යැයි  කියන අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.

විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක  ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා ලක්මාලි හේමචන්ද්‍ර  මන්ත්‍රීතුමියට ඊයේ අපහාසාත්මකව කතා කළා.  මම ඒක දකින්නේ ප්‍රචණ්ඩත්වයක් විදියටයි. තර්ජනයක් විදියටයි. ඒවගේම හිරිහැරයක් විදියටයි. අද උදෙත් මෙයාලා හැසිරුණේත්   ඒ අන්දමටමයි. මේ සංස්කෘතිය වෙනස් කරන්න තමයි ජනතාව ඉල්ලා සිටින්නේ.

අපි මහන්සි වෙලා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන්  විසිදෙනෙකු  පත් කරගත්තා. මේ අය නියෝජනය කරන්නේ මේ රටේ කාන්තාවන්. ඔබතුමා වෛද්‍යවරයෙකු විදියට දන්නවා මේ රටේ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය. කාන්තාවන්ට හිංසනය  මුලින්ම පටන් ගන්නේ වාචික  ප්‍රචණ්ඩත්වයෙන්. වචනවලින් කාන්තාවන් යට කරන්න හදන්නේ. මේක තමයි පීතෘමූලික සමාජයේ කැතම එක. මෙතන  ඉන්න මන්ත්‍රීවරුන් මේ විදිහට හැසිරීම බොහොම කැතයි.  ඔබතුමා එයාලට  අවවාද කරන්න.

අපිට අපේ බස්නාහිර පළාතේ ඉන්න මන්ත්‍රීවරු ටික ගෙනල්ලම මෙයාලගේ යෝජනා පරාද කරන්න පුළුවන්. මොන විශ්වාසභංගද. මේ රටේ ජනතාව අපිව පත්කළේ   රට සංස්කෘතික වෙනසක්  ඉල්ලපු නිසයි .පාර්ලිමේන්තුව තුළ ඒ වෙනස ඉල්ලපු නිසා.  අපිට අභියෝග කරන්න පුළුවන්. නමුත්   සදාචාරයක් තියෙන්න ඕන.

මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා:

අගමැතිතුමිය මගේ නම සඳහන් කළා. මම මන්ත්‍රීවරියකට තර්ජනය කළා කියන අදහසකින් ප්‍රකාශයක් කළා කිව්වා. නිත්‍යානුකූල නොවන ආකාරයට මයික් එක ලබා ගැනීම  සම්බන්ධයෙන් තමයි එතන ප්‍රශ්නය ඇතිවුණේ. මම අපහාසයක්  කළේ නැහැ . සංසන්දනාත්මක කතාවක් කිව්වේ. මම මන්ත්‍රීවරියක  අපහාසයට පත් කිරීමේ අරමුණින් කරපු දෙයක් නොවෙයි. දේශපාලනයට එන්න ඉන්න කාන්තාවන් අධෛර්යය කිරීමේ අරමුණින් කරපු ප්‍රකාශයකුත් නෙවෙයි. මගේ කතාවට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස තමයි ඒ කතාව කියවුණේ.ක්‍රියාව නොකර හිටියා නම් එවැනි ප්‍රතික්‍රියාවක් ඇතිවන්නේ නැහැ.

අගමැතිනිය;

මෙතන කතාව තියෙන්නේ දේශපාලන වාසියක් අවාසියක් ගැන නොවේ. ඔබ කියපු එක නැවත හොඳින් බලන්න. කොච්චර තර්ජනාත්මකද කියලා. ඒක කැතයි. මුලින්ම ඒක පිළිගන්න ඕන. ඒ තර්ජනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අර්ථයක් තියෙනවා. මන්ත්‍රීවරියකට තමයි එහෙම කතා කළේ.

ගුටි බැටදී හිරිහැර කරන  ගෑණුන්ට  පිරිමි කියන්නේත්  ඕකම තමා. හොඳට හැසිරුණානම් තේ කෝප්පය ළඟට ගෙනත් දුන්නා නම් කියපු විදියට හිටියනම් ගුටි කන්න වෙන්නෙ නෑ කියලා . තර්ජනය කරලා ඉවර වෙලා අර මන්ත්‍රීතුමියටම ආපහු අපහාස කරනවා. හරිම කැතයි.



අදහස් (0)

කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන වැඩක් හරිනි කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 45 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site