IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 05 වැනිදා  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී එලෙස දින නියම කළේය.

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ගොනුකොට ඇති මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියෙන් සමුද්‍ර පාරිසරික පද්ධතියට විශාල හානියක් සිදුවී ඇතැයිද ධිවර ප්‍රජාවගේ ජීවනෝපාය ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ඊට සුදුසු වන්දියක් ප්‍රධානය කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් 09 වැනිදා තෙක් කල් තැබිණි.



අදහස් (0)

කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site