IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ක්‍රිකට් නඩුව හෙටට කල් යයි

 

(රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ‍ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුට එරෙහිව ගොනුකොට ඇති රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදිය.

අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මීළඟ නඩු දිනය තෙක් ක්‍රියාත්මක නොකරන බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම රීට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රිකට් අතුරු කමිටුව ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති

මෙම පෙත්සම ඊයේ(20) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කරමින් අධිකරණය නොමඟ යවා ඇති බවත්ය

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවන ලෙසට ඉල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි තුනක් යවා ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා හෙළි කිරීමෙන් අනතුරුව ඔහු මෝසමක් මාර්ගයෙන් එම ලිපි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මෙමගින් පැහැදිලි වන්නේ ඔහු අධිකරණයට සැබෑ කරුණු වසන් කර අධිකරණය නොමග යවා ඇති බවත් ය

අනෙකුත් කරුණු නොසලකා මෙම කරුණ පමණක් සලකා එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මුල් අවස්ථාවේ අතුරු නියෝගය ඒක පාර්ශ්විකව අධිකරණයට සැබෑ කරුණු වසන් කර අධිකරණය නොමග යවා ලබාගෙන ඇති බවත් ය

ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ම ඉවත දමන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අතුරු කමිටුවේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය අමතමින් කියා සිටියේ ඉහත වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන්ගේ කරුණුවලට තමන් එකඟ වන බවත් සම්පූර්ණම කරුණු වසන් කර අධිකරණය නොමග යවා ඇති බැවින් පෙත්සම විභාගය නොගෙන ඉවත දමන ලෙසත් ය

ඉන් අනතුරුව අධිකරණය ඇමතූ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ පෙත්සම්කරු කිසිවිටෙකත් අධිකරණය නොමග යවා නොමැති බවත් කරුණු වසන් කර නොමැති බවත් කටයුතු කර ඇත්තේ ගැසට් නිවේදනය අනුව බවත්ය.

ඔහු අධිකරණයෙන් අතුරු නියෝගය ලබාගෙන ඇත්තේ ගැසට් නිවේදනය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඒ පිළිබඳ නිවැරදි කරුණු අධිරණකයට ඉදිරිපත් කර බවත්ය.

තවද මීට පෙර කීප අවස්ථාවකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙසට අවවාද කර ඇති බවත් ඒ අනුව අදාල අවවාද පිළිනොගෙන කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ඉබේම අහෝසි වන බවත්ය. කිසිවිටකත් එවැනි ක්‍රියාවක් සිදු නොකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.වැඩිදුර විභාගය වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තැබිණි.



අදහස් (2)

ක්‍රිකට් නඩුව හෙටට කල් යයි

fairoos Tuesday, 21 November 2023 12:44 PM

ක්‍රිකටුත් නැතිකරන්නයි යන්නේ

:       0       1

A disappointed cricket fan Tuesday, 21 November 2023 01:07 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම ICC විසින් සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකයින්ගේ ඉල්ලීම හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා දූෂිත හා අකාර්යක්ෂම සංවිධානයක් වන අතර පසුගියදා අවසන් වූ ඉන්දියාවේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් කෙතරම් නරකද යත් ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ ලෝක කුසලානයට නොව ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුවම ඇතුළත් වනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, පැපුවා නිව්ගිනියාව වැනි අර්ධකාලීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත සුදුසුකම් ලැබීමේ වටය හරහා යාමට සිදුවනු ඇත. ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි අනෙකුත් සියලුම ආසියානු කණ්ඩායම් සෘජුවම ඇතුළත් වනු ඇත. මේ දූෂිත සහ හෝඩුවාවක් නැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකයින් ඉවත් නොකළහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් දිගටම කන්දෙන් බැස යනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site