IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ක්‍රිකට් තරඟ පාවාදීමට අනුබල දුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ගන්න නියෝගයක්

(රෝෂන් තුෂාර)

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට  බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන  දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකාරවරුන් තිදෙනෙකුට නොවැම්බර් 25වන දින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  නොතීසී නිකුත් කරමින් නියෝග කළේය .

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි  බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ  සටහන් කර ගැනීම අවශ්‍ය බැවින්, නොතීසි නිකුත් කරන්නැයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය නිකුත් කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුපුල් විධානගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවය.

මූජීන් අල් රවුමාන් කළමනාකරු ඇතුළු කළමනාකරුවන් තිදෙනෙක් ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමනාකරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීම සිදු කළ යුතු බවත් පැවසීය.

ක්‍රිකට් කළමනාකරුවන් තිදෙනාගේ  නම් සහ පාකිස්ථානයේ ලිපිනවලට  එම නොතීසිය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කියා සිටියේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 සහ 8 වගන්තිය යටතේ තමීම් රවුමන් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අදාළ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවය.

ඒ අනුව සැකකරුට එරෙහිව නොබෝ දිනකින්  මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවත් පැවසීය.

අදාළ කළමනාකරුවන් තිදෙනාට නොවැම්බර් 25 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නයි නියෝග කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නොතීසිය නිකුත් කරමින් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝග නිකුත් කළේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 5 දින දැනුම් දෙන ලෙසට නියම කළේය.



අදහස් (0)

ක්‍රිකට් තරඟ පාවාදීමට අනුබල දුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ගන්න නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site