(අංජුල මහික වීරරත්න)
වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැතිරෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
නාඳුනන දළඹු විශේෂයක් වී වගාවට පැතිරෙමින් තිබෙන බවට ප්‍රදේශ රැසකින් වාර්තා වූ තොරතුරු අනුව බතලගොඩ වී පර්යේෂණ ආයතනය කළ මූලික අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ පැතිරෙමින් තිබෙන්නේ කොළ හකුලන දළඹු වසංගතය බවයි.
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශ වල මෙම රෝග තත්ත්වය වාර්තාවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
රෝග තත්ත්වය බරපතලව පවතින්නේ නම් ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට සිදු වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම වසංගතය සඳහා Flubendiamide 24%WG – belt 240WG, Flubendiamide 20%(w/w) WG – Takumi flubendiamide,Chlorantraniliprole 20% + thiamethoxam 20% WG – virtako,Tebufenozide 200g/l SC – mimic,Chlorantraniliprole 200g/1 sc – Coragen, Spinetoram 25% (w/w) WG- Radiant යන පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
109
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළ හකුළුවන දළඹුවා වී වගාවට බැටදෙයි