IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කළු ‌කොටියෙක් වසර ගණනකට පසු යළි මතුවෙයි

ඡායාරූප සැපයුම - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුරෙනි

(සජීව විජේවීර) 

වරින් වර මෙරටින් වාර්තා වුව ද කළෙකින් දක්නට නොලැබුණු කළු කොටියකු ප්‍රථම වතාවට කැමරාවක සටහන්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සත්ත්වයා සටන්ව ඇත්තේ සිරිපා අඩවිය අවට වනාන්තරයෙනි.  වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවිකරමින් කරන ලද අධ්‍යයනයක දී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වී ඇත. 

මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එය බව ද වනජීවී නිලධාරීහු කියති.

ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම වර්ණ ප්‍රබේදයකි.

ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රබේදය ඇතිවී තිබෙන බව පර්යේෂකයන්ගේ මතයයි.

කළු කොටි කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇතත්. අදින් වසර කිහිපයකට පෙර අවසන් වරට පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී මන්දකට අසුවීමෙන් කළු කොටියකු මියයාමෙන් පසු එවැනි සත්ත්වයකු මෙරටින් වාර්තා වූයේ නැත. එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් සකස් කෙරුණු අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටියාගේ සාක්ෂිය ලෙස සැළකිණි.

ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවයට හා උෂ්ණත්වයට අනුව මෙම වර්ණ ප්‍රබේදය ඇතිවන බව විද්‍යාත්මක පිළිගැනීමයි.

පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකි යැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි.

ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි පැන්තරා පාඩුස් කොටියා නමැති කොටි උප විශේෂය මෙරටට ආවේණික අතරම ජීවත්වන අතර මේ දක්වා ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ගහනයකි. එම සතුන් අතර වර්ණ ප්‍රබේදයක් වන කළු කොටියා ඉතාමත් සීමිත බැවින් මෙය ලෝක වනජීවී ක්ෂේත්‍රයේ ඉතා අද්විතීය සොයා ගැනීමකි.

පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බවයි. ඒ අනුව කළු කොටියාගේ වර්ණ ප්‍රබේදයේ නිලීන ජානය මෙරට කොටි ගහනයේ තවදුරටත් සජීවී ජානයක් ලෙස පවතිනු ඇතැයි යන්න මෙරට සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට සුබදායී පණිවයකි. 



අදහස් (1)

කළු ‌කොටියෙක් වසර ගණනකට පසු යළි මතුවෙයි

Upul Monday, 20 January 2020 12:32 PM

කරුණාකර ඒ සතුන් ආරක්ෂා කරන්න. බ්ලැක් පැන්තර්ස් ගොඩක්ම දුර්ලභයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site