(රෝෂන් තුෂාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) ප්‍රතික්ෂේප කළේය.
මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
වෛද්‍ය පීඨයේ සිසුන් 250කට අධික පිරිසක් ලිප්ටන් වටරවුම හා ඊට ආසන්න තදාසන්න ප්‍රදේශවල විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය කරුණු දැක්වීය.
කුරුඳුවත්ත පොලිසියේ පාලන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් තිලක් කුමාර මහතා සහ පොලිස් සැරයෙන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.
උද්ඝෝෂණය අද සවස තුනට ආරම්භ වන බවත් මෙමගින් සිදුවන මහජන පීඩා අවම කර ගැනීම සඳහා තහනම් නියෝගයක් වෛද්‍ය පීඨයේ සභාපති ඇතුළු පිරිසට නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
Chandana Friday, 26 April 2024 03:45 PM
ආයෙත් ආයෙත්, නාඩගම එන්න හදන්නේ...!
Lalla Saturday, 27 April 2024 09:31 AM
රාජ්‍ය විශ්ව විද්‍යාලවල පිනට දෙන දේ විදේශිකයන්ට යහපතට මිස අපේ රටට නොවන බව පැහැදිලියි.උසස් අධ්‍යාපනය නොමිලේ දීම නවත්තන්න කාලය ඇවිත්.පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම යහපත් දෙයක්...