IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ප්‍රසාදය පළ කළේය.

මේ අතර උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී උපදේශන කටයුතු සඳහා එහි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයකු පත්කිරීම පිළිබඳව  කමිටුවේ අවධානය යොමුවිය. එම නිලධාරියා පත් කර ඔහුට දීමනාවක් ලබා දුන්නේ ඇයි දැයි කෝප් කමිටුව  විමසා සිටියේය. විශ්වවිද්‍යාල ප්‍රධානීන් මෙහිදී පැවසුවේ කවුන්සිලය රැස්වී එම ගෙවීම නතර කළ බවයි.

එසේම ඔහුට ස්ථාන මාරුවක් දුන් බවද නිලධාරීහු පැවසුහ.

කෙසේ වෙතත් එතෙක් ගෙවූ දීමනා  මුදල අය කර නොගැනීමට  කවුන්සිලය තීරණය කළ බවද ඔවුහු සඳහන් කළහ. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කවුන්සිලය නැවත රැස්වී සාකච්ඡා කර කමිටුව දැනුවත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති බාහිර ආයතන තුනකින් අය කළ යුතු කුලිය අය කර නොගැනීම සම්බන්ධයෙන්ද  කමිටුවේ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල නිලධාරීන් පැවසුවේ විශ්වවිද්‍යාලය පවතින්නේ ඉතාම වටිනා ඉඩම් සහිත ප්‍රදේශයක බැවින් විශ්වවිද්‍යාලය ඉල්ලා සිටින මුදලට සේවයක් ලබාදීමට  එම ආයතන අකමැති බවයි.

පද්ධති සංවර්ධන තනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම පිළිබඳවද  කමිටුවේ අවධානය යොමු විය.

මේ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවල  විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා‌වේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ආචාර්යවරු සහ තවත් නිලධාරීහු  පිරිසක්  කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



අදහස් (0)

කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site