IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසළ උද්ඝෝෂණයක්

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම අකුලා ගන්න යැයි පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද (22) පැවැත්විණි. 

‘ජාතියේ හදවත දෙපළු නොකරනු - ඩොලර් මැෂිම රැකගමු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ , විවිධ අංශයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා සහභාගී වූ අතර දැඩි පොලිස් රැකවල් ද මේ වෙනුවෙන් යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.

නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සහ කළමනාකරණය කිරීමේ දැනුම ,හැකියාව මෙන්ම සියලු අත්දැකීම් වරාය සේවකයින් සතුවන අතර ඒ වගකීම් සියල්ල ඔවුනටම භාරදීමට රජය වහාම කටයුතු කලයුතු බවත් ඉන්දියානු සමාගමට මෙම පර්යන්තය බදුදීමට එරෙහිව මුළු රටේම ජනතාව පෙළගැස්සීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසුහ.



අදහස් (6)

කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසළ උද්ඝෝෂණයක්

pradeepa Friday, 22 January 2021 11:29 AM

අපි ඕනම දෙයක් කරගන්න කියලානේ මේ රජයට 2/3 දුන්නේ තවත් මොනවටද පිකටින් කරන්නේ? එදා කිරිබත් කෑවානේ...

:       4       37

NMFriday, 22 January 2021 10:52 PM

කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව රජය වගකීමෙන් කටයුතු නොකළහොත් ඉන්දියාව සමග අර්බුදයක් නිර්මාණය වන තත්වයට මේ වනවිට පැමිණ ඇත. රට තුළ ප්‍රබල කැරැල්ලක් මතුවීමේ තත්වයක් පෙනෙන්නට තිබේ. ඉන්දියාව සමග සම ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ මෙවැනිම ආකාරයට 87දී ලංකාව මුහුණ දුන්නේය. ඉන්දියානු නිෂ්පාදන පවා වර්ජනය කිරීමට එකල අන්තවාදී දේශපාලන පක්ෂ ක්‍රියාකළේය. මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් සිදුවිය. රට ගැන හැඟීමක් සැමටම තිබේ.. නමුත් අනවශ්‍ය ආකාරයට ප්‍රකෝපකාරී අදහස් ප්‍රකාෂ කිරීම එතරම් සුදුසු නොවේ. භික්ෂූන් වහන්සේලා සහ ජන මාධ්‍ය මේ වනවිට අර්බුදයට අනවශ්‍ය මැදිහත් වීම කරන බවක් පෙනෙන්නට තිබේ. සිදුහත් උපත සිදුවූ ඉන්දියාව සමගත් මිත්‍රත්වයෙන් සිට මෙම අර්බුදයට සැමට පිළිගත හැකි සාධනීය විසඳුමක් ඉදිරිපත් කළ හැකිය. නමුත් වර්තමාන අයාලේ ගමන් කරන්නාවූ පාවෙන රජය අර්බුද මඟහරවා ගැනීමට විසඳුම් නොමැතිව ලංකාව ජාත්‍යන්තර අර්බුදයක් කරා ගෙනයමින් සිටියි..

:       7       5

gaminiFriday, 22 January 2021 10:58 PM

අප සමග මේ අවස්ථාවේ අර්බුදවලට නොඑන්න. කෝවිඩ් 19 එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමට අවශ්‍ය නම් අපට වරාය දෙන්න. තීරණය ලංකාව සතුයි.

:       3       1

GAMAGE Friday, 22 January 2021 12:09 PM

දැන් තමයි කසකාරයෝ පාරට බැස්සේ... තව පොඩ්ඩකින් පෙරහැරත් එයි..!!!

:       2       18

chandana Friday, 22 January 2021 02:56 PM

ජය වේවා..!!! ඔබලාට. ප්‍රශ්නය දුරදිග ගෙනියන්න ආණ්ඩුව ලැහැස්ති නම්, අපිත් ලැහැස්තියි. අපේ රටට ඇවිල්ලා ඉන්න හැම ඉන්දියන් කාරයෙක්ටම, හැම චීනෙක්ටම අපේ රටෙන් යන්න කියනවා මුලින්ම. නොගියොත් අපි මෙහෙන් ගහලාම පන්නනවා.

:       2       13

Hafeel Saturday, 23 January 2021 08:17 AM

ඉන්දියාව කවදත් අපේ දියුණුව වෙනුවෙන් පැනීසිටියේ නැත. ඔවුන් කොටින්ව පෝසත් කරළ, අපේ රටතුළ අනවශ්‍ය සිවිල් යුද්ධයට මුලපිරුවා. ඒ අපේ දියුණුව නවත්වන්න. 1987 දී ප්‍රභාකරන්ව වඩමාරච්චියේ අපේ හමුදාව කොටුකළා. ඒ මොහොතේ ක්ෂණික ඉන්දියාව මැදිහත් වෙලා එ්ක වළක්වා. කවුරු හරි හිතනවා නම්, ඉන්දියාව අපේ මිතුරුයි කියලා, එ්ක අමූලික බොරුවක්. ඉන්දියාව කවදත් අපේ හතුරා. ඔවුන් බලහත්කාරයෙන් අපිට පළාත් සභාව පැටෙව්වා.. ඉන්දියාව තුළ දුප්පත්කම, නිවාස නැති පවුල්, සෞඛ්‍ය ගැටළු, වැසිකිලි නැති ගෙවල් එවැනි ප්‍රශ්න තියෙද්දීත්, අපේ රටතුළ ඇඟිලි ගහනවා. මෝදි අගමැතිට තවම බැරිවෙලා පංජාප් ප්‍රාන්තයේ ගොවීන්ගේ ගැටළු විසඳන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 13 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site