IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කොළඹ වරායට කෝටි 3200 ක ලාභයක්

 

(යොහාන් භාසුර)

කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

කොළඹ වරාය 2024 වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 18.9 ක ශුද්ද ලාභයක් ලැබූ අතර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියට 71 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කියයි.

මෙම වසරේ පළමු  මාස 8 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බව කියන වරාය අධිකාරිය අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6 පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කළේය. 



අදහස් (3)

කොළඹ වරායට කෝටි 3200 ක ලාභයක්

Neel Thursday, 09 October 2025 01:42 PM

පේනවද වෙනස... කෝ මේ රත්තරං...

:       2       1

Nishan Thursday, 09 October 2025 03:03 PM

අළුත් වාහනවලට ගහපු බදු නිසානේ ඔය වැඩිවීම වුනේ. ඒත් ඒ වාහන ගේන්න රටේ ඩොලර් සංචිතයෙන් මිලියන 500 ක් විතර වැය කළා. වාහන ආනයනයෙන් ඩොලර් ශේෂය අඩු වුණා මිසක් වැඩි වුනේ නෑ. ඩෝබි හමුදාව නම් හුරේ දායි. ඒත් මතක තියා ගන්න 2028 දී ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නොවෙයි.

:       5       8

HarshaFriday, 10 October 2025 05:10 AM

වාහන ගේන්නේ හම්බන්තොට වරායෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site