IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ වැඩ ඉක්මනට කරන්න

(අංජුල මහික වීරරත්න)

කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ  කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ. 

කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මකය.නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සහ කොළඹ මහනගර සභාව එක්ව එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි. කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආවරණය වේ.

කොළඹ අගනගරය ලෝක මට්ටමේ නගරයක් බවට පත් කිරීම, සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් ඇති කරලීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම මෙම ව්‍යපෘතියේ අරමුණකි.



අදහස් (9)

කොළඹ වැඩ ඉක්මනට කරන්න

sharm warn Monday, 30 January 2023 01:44 PM

"කොළඹ අගනගරය ලෝක මට්ටමේ නගරයක් බවට පත් කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කරලීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම මෙම ව්‍යපෘතියේ අරමුණකි." පුදුම තාලේ සුරංගනා සිහින තමයි. හොරකමින්, කප්පමින් තමයි ලෝකයේ පළමු තැනට යන්න වෙන්නේ...

:       5       25

දාස Monday, 30 January 2023 02:10 PM

ලබන සැරේ ඔහෙත් ගෙදර...!

:       2       15

Susil Monday, 30 January 2023 02:51 PM

මුන්දෑ කොච්චර වැඩ දැම්මත් දැන් ඉතින් වැඩක් වෙන්නේ නෑ...කොහොමත් ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පරදිනවා.කප්පම් කාපුවා වමාරමින් පාරේ දුවන්න වෙන එක නවත්තන්න බැරි වේවි ගොයියො..

:       0       1

Saman Monday, 30 January 2023 04:13 PM

රටේ අභිවෘද්ධියට ගොඩක් මහන්සි වෙලා ව්‍යපෘති පටන් අරන්ගෙන රට ලස්සන කරන්න යන ඔබට පින් සර්. මේ ඔයාගෙ කොමිස් එක කියද?

:       0       1

විජිත් Monday, 30 January 2023 04:16 PM

ගඳගහන කප්පම් බඩා මේ සැරේ " ගානක් තියාගෙන " කොළඹම විකුනන්නද හදන්නේ ?

:       1       13

oshara Monday, 30 January 2023 04:28 PM

දැන් පරක්කු වැඩියි මල්ලි, දැන් මොනදේ කඩිනම් කළත්, කඩිනම් වෙන්නේ ඔයාලගේ ස්ථීර විශ්‍රාම යෑම පමණයි!. හිත හදා ගන්න දරු මුණුබුරන් එක්ක ඉන්න පෙර පිනක් තිබ්බොත්, ඒකත් ශුවර් නෑ. ජනතාවට කරලා තියෙන සේවයේ හැටියට වැලිකඩ ඉන්න වෙයි ද කියලා...

:       1       12

Chathuri Monday, 30 January 2023 06:03 PM

ජේ වී පී ළඟ එනකොට... බඩ ලොකු අය වෙව්ලනවා. ඔයතරම් හදිසි වෙන්නේ... කාට පෙන්නන්නද? ඔය හදපු දේවල් වල. වර්ග අෆි ගානවත් දන්නවාද? අසරණ මිනිස්සුන්ගේ ශ්‍රමය... කාලකන්නින්ගේ නම... මොනවා කෙරුවත් ගනුදෙනු ෆයිල් පොත් බලාගෙන වැරැදිලා පස් යටවෙයි...

:       0       4

fairoos Monday, 30 January 2023 06:36 PM

හානේ දෙයියනේ මෙයාලගේ කන්කරච්චලය තවත් අවුරුදු 2ක් ඉවසන්න එපෑයෑ.

:       0       2

අ(ප්‍රසන්න) Tuesday, 31 January 2023 02:04 PM

මොකෝ මේ හදිස්සියේම කලබලේ. දැන් මොනවා කෙරුවත් ඔබතුමාලට ගෙදර තමයි යන්න වෙන්නේ කිසිම සැකයක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site