IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොළඹ මහල් නිවාස 66ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ පැල්පත්වාසීන් වෙනුවන් ඉදිකෙරැණු මහල් නිවාස සංකීර්ණවල නිවාස 66ක් තවමත් හිස්ව පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

එම නිවාස  නඩත්තුවට නාගරික සංවර්ධන අධිකාරියෙන් 2023 වසරේ හා 2024 වසරේ මැයි දක්වා රුපියල් කෝටි 60කට අධික මුදලක් වැය කර ඇති බවද හෙළිදරව්වී ඇත.

කොළඹ අවට ජිවත් වන පැල්පත්වාසීන් වෙනුවන් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ රජයේ අරමුදල් කෝටි 4815 ක් වැය කරමින් නිවාස ව්‍යාපෘති 22 ක  ඒකක 13,602 ක් සම්පුර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලැබ ඇත.

හිස්ව පවතින නිවාසවල හැකි ඉක්මනින් අහිමිකරුවන් පදිංචි කිරීමට පියවර ගන්නා ලෙස  කෝප් කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද දෛනිකව කොළඹ නගරට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.

අධිකාරිය විසින්  ඉදිකිරීමට යෝජනා කරන ලද රථ ගාල් දෙකෙහිම වැඩ 2021 වසරේ අතරමග නවතා දමා තිබු අතර ඊට මේ දක්වා රුපියල් කෝටි 23ක  මුදලක් වියදම් ලෙස දරා  ඇති බව කාරක සභාව පෙන්වාදී ඇත.

මෙම රථ ගාල් දෙක  භාවිතයට ගතහැකි ආකාරයට වැඩ නිමකිරීම සඳහා  ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



අදහස් (0)

කොළඹ මහල් නිවාස 66ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site