IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි

(ශාන්ත පී බණ්ඩාර, චමිල් රූපසිංහ සහ චමින්ද වැව තැන්න)

කොළඹ මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා  පවසයි.

නාය යාමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ මෙම මාර්ගය වසා දැමූ අතර වර්ෂාව අඩු වූ නිසා එය අද දහවල් විවෘත කිරීමට තීරණය කර තිබුණි

පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්න කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන අතර එහි ඇති  පැලුම් කිහිපයක්තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා සදහන් කළේය.

පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගත යුතු බවත්මෙම නාය යෑම වලක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක්‍රමවේද භාවිත කරමින් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා කීය.

කදු සහිත ප්‍රදේශය නාය යෑමේ අවධානමක් පවතින බැවින් එය නැරඹීමට නොපැමිණෙන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මහනුවර වාහන ගමනා ගමනයට මින් සිදුව තිබෙන බලපෑම ඉවත් කිරීම සඳහා කඩිනමින් එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉල්ලා සිටියේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම ස්ථානය ස්ථාවර කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගන්නා බවත් අදාළ ස්ථානයේ පවත්වා ගෙන යන පලතුරු වෙළෙඳ සැල් ඉවත් කර ගන්නා ලෙස වෙලද සැල් හිමියන්ට දැනුම් දී තිබෙන බවද කනක හේරත් මහතා කිය.

(ඡායාරූප:  චමිල් රූපසිංහ )



අදහස් (2)

කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි

Dolapihilla Thursday, 11 November 2021 03:54 PM

ගල විද්ද අය කොළඹට නම් එපා...

:       5       2

Anandajyararatne86gmil.com Friday, 12 November 2021 09:04 AM

එක් මන්තීරුවක් හරි විවෘත කරන්න. අපි වැඩට යන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 127 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 729 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4280 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2134 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 996 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1199 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 922 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1415 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 367 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site