(අංජුල මහික වීරරත්න)
කොළඹ කලාපයේ මුස්ලිම් පාසල්වල ගැටළු සොයා කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් වල ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී අද (02) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර කොළඹ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.
ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
COMMENTS
තමන් කැමැති භාෂාවෙන් ඉගෙන ගැනීමේ අයිතිය මේ රටේ තිබෙනවා. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන එක හොඳයි. එතකොට තමයි සිංහල ජනතාව සමග අවබෝධයෙන් කටයුතු කරන්නත් සහ සරලව අදහස් හුවමාරු කරගන්න පුළුවන්. අලි සබ්රිත් දැන් මේ කුණු ගොඩට වැටිලා...
හරි.. උතුරු නැගෙනහිර සිංහල පාසල් වල ගැටලු නැත්ද... ඒවා විසඳලා ඉවරයිද..? ඡන්ද බලාගෙන කරන මේ වැඩවලට අනිවාර්යයෙන්ම තිත තියන්නම ඕනෑ...
මුස්ලිම් මිනිස්සු මේවා අරන් ඡන්දෙ දෙයිද? නැතිනම් තෑගි අරන් මාරු වෙයිද?
පින නිතරම බැලන්ස් නැතිවයි යන්නේ .චන්දෙ විතරයි ඕනි.සිංහල පාසල්වල සියල්ල සම්පූර්ණද ?අපි පාසල්වට ළමයි දැම්මේ විදුහල්පතිලට පගා ගිනිගුලි දීලා .දෙන දෙයක් සෑම කෙනෙක්ටම දීපියව්.ගෝඨාට අපි දුන්න චන්දෙන් පිනා සපෝට් කරන්නේ සුළු ජාතීන්ට විතරයි