IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ( SophiaLi )මහත්මිය ඇතුළු තවත් තිදෙනෙක් එසේ පැමිණ සිටියහ .

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණි .

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මේ වනවිට සම්පාදනය කර තිබේ .

 



අදහස් (11)

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට

Sam Tuesday, 03 October 2023 07:12 AM

CFC ආයෝජන ව්‍යාපෘති සහ වෙනත් ආයෝජන සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇත.

:       0       0

Arunashantha - Balangoda Tuesday, 03 October 2023 07:26 AM

පට්ට හොරු වගයක් !!! මුහුණු වලින්ම පෙනෙනවා.මුන් තමයි වෙන්දෙසිවල මැණික් ගිලින්නේ. බලාගෙනයි .දැනටමත් ඇමතියාට ජරාව දීලා වගෙයි.රට ඇතුලේ වියාපෘතියක් අරඹන්න මාස ගණනක් එහාට මෙහාට දුවන්න ඕනා,අරුටයි,අමතියාටයි,උගේ ගෝලයන්ටයි ජරාව දෙන්න ඕනා.නමුත් මේ චීන්නුන්ට දවස් 7 ඇතුලත ඔක්කොම හරි.මාර රටක්.

:       1       0

කරු Tuesday, 03 October 2023 07:40 AM

කොහොමද පෙනුම? ඉන්නේ නම් සාමන්‍ය රජයේ සේවකයෝ වගේ. පට්ට සල්ලිකාරයො.

:       0       0

ලුම්බිණි Tuesday, 03 October 2023 09:56 AM

මොන විදියට ආවත් චීන.

:       13       23

Bamunuarachchi Wednesday, 04 October 2023 06:09 PM

මේ වගේ මිනිස්සුන්ට චීන ආවත් වැරැදියි, ඉන්දියන් ආවත් වැරැදියි, ඇමරිකන් ආවත් වැරැදි බාප්පාම එන්න ඕනේ.

:       0       12

Lal Tuesday, 03 October 2023 10:20 AM

හොඳ වැඩක්

:       0       0

Indika Tuesday, 03 October 2023 10:47 AM

ආයෝජකයි අපේ නියෝජිතයයි වෙන් කරලා හොයා ගන්න බෑ

:       0       0

jj Tuesday, 03 October 2023 01:05 PM

අපේ මැණික් වලට අබ සරණයි

:       0       0

godfrey Tuesday, 03 October 2023 01:32 PM

සිංහයෝ අපිටම කොටන්නද කඩුව අරගත්තේ.. චීන මකරුන් නගිසිටිනවා මුළු ලංකාව අස්සේ..

:       0       0

U.l.siriwardana Tuesday, 03 October 2023 03:50 PM

ලොකු දෙයක් .පළවෙනියට ඉල්ලන්නේ පගාව පස්සේ තමයි .ඇප්රුවල් අපි බලමු දවස් කීයකින් අනුමැතිය ලැබෙයිද කියලා.

:       0       0

Bamunuarachchi Wednesday, 04 October 2023 06:11 PM

ඇත්තටම මේ ගොල්ලෝ ආවේ ආයෝජකයෝ හැටියටද? සොයා බලන්න. මට‍ සැකයි!..

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site