IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම  ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි.

පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන්  මෙසේ ඡන්දයකින්  තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි  පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයිනි.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන  ඡන්ද විමසීමේදී    සියයට  50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට  නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන්  තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ. මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්   සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂය පැත්තේය. මේ අතර කොළඹ නගර සභාවේ පාලන බලය ගැනීමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දැඩි තරගයක නිරතව සිටී

කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා  ප්‍රකාශ කරන්නේ  සභිකයන්  බහුතරය  ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි.

ජාතික ජන බලවේගය සභිකයන් 48 දෙනෙකු දිනා ගත්තද සියයට පනහ සීමාව ඉක්මවීමට ඔවුන් අපොහොසත් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කොළඹ මහ නගර  සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ  තනි පක්ෂයක් හැටියට වැඩිම සභිකයන් දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය හෙයින් පාලන බලය පිහිටුවීමට වැඩි අයිතිය ඇත්තේ තම පක්ෂයට බවයි පාලන බලය අනිවාර්යයෙන්ම පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.



අදහස් (1)

කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා

Gamini Wednesday, 14 May 2025 02:49 PM

දැන් හොරු හොඳට හදලා පිරිසිදු කරලා අරගෙන ඉවරවෙලා ඇති එහෙනම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site