IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොළඹ පියාසර සාමාජය යළි පණගන්වයි

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

තරුණ ගුවන් සේවා ලෝලීන් අතර දැනුවත්භාවය හා උද්යෝගය ඇති කිරීමේ අරමුණින් 1937 දශකයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අදහසකට අනුව ඇරඹි කොළඹ පියාසර සමාජය (THE COLOMBO FLYING CLUB) වසර තිස් පහකට පසු නැවතත් අද (31) ආරම්භ කෙරිණි. ඒ නිමිත්තෙන් කුඩා ගුවන් රථ ප්‍රදර්ශනයක්ද ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් තොටුපලේදි පැවැත්විණි.

මෙම සමාජය ශ්‍රී ලංකාව නියෝජනය කළ (ලාංකික) හිටපු ජාත්‍යන්තර ගුවන් නියමුවන් විසින් නැවත බල ගැන්වීම මෙන්ම ප්‍රදර්ශනයට තබා තිබූ බොහොමයක් කුඩා ගුවන් ආකෘති  සංගමයේ සාමාජිකයන් විසින්ම නිර්මාණය කිරීම විශේෂත්වයකි.

කොළඹ පියාසර සමාජය 1937 දශකයේ සිට තරුණ තරුණියන් මෙන්ම ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන වෘත්තිකයන් අතර පියාසර කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරමින් පැවතුනද රටේ ඇතිවූ ඊළාම් යුද්ධය හේතුවෙන් එකේ සංගමයේ කටයුතු වසර 35 ක් ම අකර්මණ්‍යව පැවති ඇත.

මෙම ප්‍රදර්ශනයට කුඩා ගුවන් යානා ආකෘති පනහකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා තිබූ අතර ගුවන් යානා ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.

මෙකී ප්‍රදර්ශනයට තබා තිබූ ගුවන් යානා ආකෘති ගුවන් ගත කිරීම ද සිදුකෙරුණු අතර මෙය තව තවත් රටපුරා ප්‍රදර්ශනය කරමින් ගුවන් ලෝලින් තුළ ඇති උනන්දුව වැඩි කිරිමට ඇති ඉඩකඩ සොයා බලන බව එහිදී ගුවන් සේවා අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අභයවික්‍රම මහතාද රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතාද, කොළඹ පියාසර සමාජයේ සභාපති කැප්ටන් චිරානන්ද ප්‍රනාන්දු මහතාද උප සභාපති කැප්ටන් අනිල් ජයසිංහ මහතා ද එක්ව සිටියහ.



අදහස් (1)

කොළඹ පියාසර සාමාජය යළි පණගන්වයි

gamini Monday, 01 February 2021 04:19 AM

මෙම සමාජය 1937ට පසුව පටන් ගත්තේ රේ විජයවර්ධන මහතා විසින් 90 දශකයේ මුල් කාලයේදී... නමුත් එය ඇණහිටියේ යුද්ධය නිසායි. ප්‍රසන්න රණතුංගලාගේ නම් ඉදිරියට දාගෙන ආවාට, ඒ ගොල්ලොන්ගෙ කාලයේදී මේවාට නිසි උදව්වක් රජයෙන් ලබුණේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 13 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site