





ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ අද (29) සාර්ථකව නිමාවට පත්විය.
වරාය ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් හා මුහුදේ දී සිදුකරන මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ පුරා දින 4 ක් පැවතිණි.
මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් ඇතුළුව නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක්විය.
මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, මුහුදු බෝම්බ තැන්පත් කර ඇති අවස්ථාවක ජලයේ නිරුපද්‍රිතව යාත්‍රා කිරීම, මුහුදේ දී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරට පත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් සිදු කරන ලදී.
මෙවැනි සුවිශේෂි ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, අනාගතයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමට මෙමඟින් මහත් පිටිවහලක් සැළසෙනු ඇත.
(28535)
2025 දෙසැම්බර් මස 04
281
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට
Kumar (Gulf) Tuesday, 29 January 2019 06:12 PM
නාවික හා ගුවන් හමුදාවට අපගේ උත්තමාචාරය.
sandy123 Wednesday, 30 January 2019 04:21 AM
ඡායාරූප ටික ඉස්තරම්. ස්වභාව ධර්මය කෙතරම් ලස්සනද?