(මහින්ද නිශ්ශංක)
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට නානුඔය දක්වා සීමා කිරීම යටතේ අද රාත්‍රී කොටුව හා නානුඔය, නානුඔය හා කොටුව අතර විශේෂ මගී දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දැනට පවතින අයහපත් කාලගුණතත්වය අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කළ බව පැවසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)
එන්.ජේ.ඉදිපොලගේ මහතා බදුල්ල හා කොළඹ, කොළඹ හා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක වෙනුවට මෙම විශේෂ මගී දුම්රිය දෙක ධාවනය කෙරෙන බව කීය.
මේ සඳහා බලවේග දුම්රිය දෙකක් යොදවා ඇති අතර තැපැල් ලිපි හා පාර්සල් ප්‍රවාහනය නොකරන බවත් ඔහු පැවසීය.
මෙම විශේෂ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.20 ට හා නානුඔය දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30ට පිටත් වීමට නියමිත ය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ - නානුඔය විශේෂ දුම්රිය දෙකක්