කොළඹ නගර සභා නත්තල් විසිතුරු සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.
එහිදී කොළඹ නගර සභා පරිශ්‍රෙය් නත්තල් ආලෝකයද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ මූලිකත්වයෙන් නත්තල් විසිතුරු වැඩසටහන සංවිධානය වූ අතර මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග,වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.
නත්තල් කැරොල් ගායනා වලින්ද නත්තල් විසිතුරු උළෙල අලංකාරවත් විය.
අගමැති අතින් නගර සභා නත්තල් අලෝකය විවෘත කෙරුණු අවස්ථාව සහ නගර සභා පරිශ්‍රය අලෝකයෙන් ඒකාලෝක වී තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ නගර සභා නත්තල් උළෙල අගමැති ප්‍රධානත්වයෙන්
Sathyayaa Friday, 21 December 2018 12:49 AM
කොළඹට කිරි ගමට කැකිරි තාලෙට නත්තල් සමරුවහම දුක දැනෙන්නේ දුප්තාගේ හිතවතා වූ යේසුස් වහන්සේට.