IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ නාගරික උද්ධමනය සියයට 6.3ක් දක්වා පහතට

(යොහාන් භාසුර)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (ජූලි) සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) පැවසීය.  

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජුනි මාස සියයට 12 ක පැවැති බව ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීය.

මෙම මස (ජූලි) ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට  -1.4 ක් දක්වා  පහත වැටී ඇති අතර පසුගිය ජුනි මාසයේදී එය සියයට 4.1 ක් ලෙස පැවැති බවත් ජූලි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය ජුනි මාස සියයට 16.2 ලෙස පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (2)

කොළඹ නාගරික උද්ධමනය සියයට 6.3ක් දක්වා පහතට

pakeer Tuesday, 01 August 2023 01:48 AM

ගෙදරින් කෑම නොගෙනිය දාට, කොළඹින් කෑම එකක් කන්න අඩුගානේ රුපියල් 350ක් ඕනේ... ඉතින් ඒ නිසා කෑම නොගෙනිච්චොත් ඉන්නේ බඩගින්නේ... අනේ මෙහෙමත් රටවල්...

:       0       0

Bamunuarachchi Tuesday, 01 August 2023 09:21 AM

ඔය උද්ධමනය කියන කෙහෙල්මල බඩුමිල සමග සම්බන්දයක් නැද්ද? උද්ධමනය පහළ ගියා කියලා බඩුමිල අඩුවෙලා නැහැ. උද්ධමනය පහළ යාමෙන් වෙන්නේ පොලී අඩුවීම නම් පාඩුව සිද්ද වෙන්නේ තැන්පත් කරුවන්ට. අඩු පොලියට ණය ගන්න බිස්නස් කාරයෝ හොඳට හම්බ කරනවා. අන්තිමට පාඩුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි තැන්පත් කරුවන්ටයි. මේ රටට පිටරට මුදල් ඒවා රුපියල් වශයෙන් තැන්පත් කිරීම පාඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site