
(ඩයනා උදයංගනී)
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට ආරම්භ විය.
පොත් ප්‍රදර්ශනය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 23 වැනි වරට වන අතර, එය අද සිට මේ මස 25 වැනිදා තෙක් දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව පවතින බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසීය.
මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ පොත් කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව ද ඉන්දීවර මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්වය ඇතුළු රට තුළ පැවති අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම පොත් ප්‍රදර්ශනය නොපැවැත්වුණු නිසා එම වසරේ සහ මෙම වසරේ අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුණු කෘතීන් විශේෂ වට්ටම් සහිතව මෙහිදී මිලදී ගැනීමේ අවස්ථාව පාඨකයන්ට හිමිවන බව ද සභාපතිවරයා පැවසීය.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ බොහෝ දෙනෙක් පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුව ඇති බැවින් මෙවර රාත්‍රී 7.00 වන විට ප්‍රදර්ශනය අවසන් කිරීමට තීරණය කළ බව ද ඉන්දීවර මහතා කීවේය.
කොවිඩ් වසංගත තත්වයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී සියයට සියයක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන් ආදිය මෙන්ම නව පොත් එළිදැක්වීම් ඇතුළු කටයුතු රැසක් ද සංවිධානය කර ඇතැයි ද පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපතිවරයා කීය.
ප්‍රදර්ශනයට පැමිණෙන්නන් වෙනුවෙන් බම්බලපිටිය, කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සිට බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව සභාපතිවරයා පැවසීය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමිත්තෙන් පළ කෙරෙන විශේෂ සාහිත්‍ය අතිරේකයක් ද අද (16) ලංකාදීප පුවත්පත සමඟ පිරිනැමේ.
(ඡෘයාරූප: ගයාන් අමරසේකර)



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ