IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොළඹ ගං වතුරේ සුල මුල සොයයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ  ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු  ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය. 

එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් ඇතුලත  ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසද රත්නායක මහතා කීය.

ඒ අනුව ගැටළු විසඳීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද රත්නායක  මහතා සඳහන් කළේය. 

ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී රත්නායක මහතා මේ බව කීය.

පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ප්‍රදේශ වල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක මහතා පැවසීය.  



අදහස් (7)

කොළඹ ගං වතුරේ සුල මුල සොයයි

sachith Thursday, 27 June 2024 12:45 PM

මේ ගංවතුර අද ඊයේ ඉදලා පටන් ගත්තේ? දශක කීයක් තිස්සේ මේක වෙන්නේ කිසිම පරිපාලයක් නෑ. කොළඹ හැමතැනම කානු වහලා ගෙවල් ගොඩනැගිලි හදලා හැමදාම බොරුවට කමිටු දාලා සල්ලි ටික නාස්ති කරනවා

:       1       14

ලිලිපුට් Thursday, 27 June 2024 01:00 PM

ඉතා සරලයි. පහේ ශිෂ්‍යත්වය හදාරන කොළඹ දක්ෂ දරුවෙක් මේකට හොදින් වාර්තාවක් ඉදරිපත් කරයි.

:       1       9

upali Thursday, 27 June 2024 01:07 PM

අහන්න පාඨලී චම්පිකගෙන් ඔහු විසඳුම දෙයි

:       2       12

Nimal Thursday, 27 June 2024 01:07 PM

හේතුව අනවසර ඉදිකිරිම් ඔබලා පාලනයේ ඉන්නකල් කිව්වත් ඉවත් කරන්න බෑ ඒ කියන්නේ ගංවතුර ඉවර වෙන්නේ නෑ. නිකන් බොරු වැඩ කරන්නේ නැතුව හිටපල්ලා කමිටුවලට යන සල්ලි ටික ඉතුරුයි

:       1       15

wimal Thursday, 27 June 2024 03:18 PM

ඡන්දේ ළඟ නිසා නාට්‍ය පටන්ගෙන කට්ටිය බලාගෙන ඉන්නේ කට්ටියට හොඳට සළකන්න

:       1       4

සෙනෙවිරත්න Thursday, 27 June 2024 06:35 PM

මං කියන්නම්, වහින නිසා ඕක වෙන්නෙ කියල, හැබැයි ගංවතුර ගලන එක සහ ඔක දැනෙන ප්‍රශ්නයක් වෙලා වසර හතලිහක් විතර වෙනව. මෙතෙක්කල් හදපු සැලසුම් හමස් පෙට්ටියෙද?

:       0       0

Swene Haputhantirige Friday, 28 June 2024 05:23 AM

කමිටු අවශ්‍ය නැහැ . මෙයට හේතු වන්නේ, සමස්ත රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ ජනතාව විසින් සිදු කරන අවිධිමත් භුමි පරිහරණය, අවිධිමත් ඉදි කිරීම් සහ අවිධිමත් කසල බැහැර කිරීම් මෙන්ම ආත්මාර්කාමිව වැසි ජලය කළමනාකරණය සහ මුදා හැරිම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1086 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site