IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ කොටුව අවට මාර්ග තදබදයක්

(යොහාන් භාසුර)

වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටිති.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතී.

රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (8)

කොළඹ කොටුව අවට මාර්ග තදබදයක්

අරවින්ද මොනරවිල Wednesday, 01 March 2023 01:47 PM

මේ දුෂ්ට පාලකයින් පන්නා දමා ජනමතයට ගරුකරන රට සංවර්ධනය කරන්න දැක්මක්, අවබෝධයක් හා සැබෑ ලෙසටම වුවමනාවක් තියෙන පිරිසක් බලයට ගෙන ඒමෙන් පමණයි ජනතාවට නිදහසක් හිමිවෙන්නේ...

:       39       48

SunilWednesday, 01 March 2023 02:40 PM

අනිවාර්යෙන්ම, ඒ බලවේගය වටා ජනතාව එක්රොක් වෙනවා. දැවැන්ත වෙනසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

:       31       24

sujeewarWednesday, 01 March 2023 03:07 PM

මොවුන්ගේ බදු ප්‍රමාණය වැඩිවීමට හේතුව වන්නේ විශාල වැටුපක්, විශාල දීමනාවන් ලබා ගන්නා නිසා බව ජනතාව වටහා ගත්විට ජනතාව එක්වනු ඇත්තේ පළමුව මොවුන්ව ගෙදර යැවීම සඳහායි. පළමුව සිදුවිය යුත්තේද එයයි. මොවුන්ව රැකියාවන්ගෙන් පන්නා දමා එම පුරප්පාඩු සඳහා එදාවේල පවා අමාරුවෙන් ගැට ගහ ගන්නා ජනතාවගේ පවුල්වලට මෙම රැකියාවල් ලබා දියහැකි නම් දිළිඳු ජනතාවට හොඳ ජීවන තත්වයක්වත් ලබාදීමට හේතුවනු ඇත.

:       16       28

Bamunuarachchi Wednesday, 01 March 2023 01:58 PM

මේ කාලකන්නි හැත්ත නිසා රටේ සාමකාමී මිනිස්සුට හිරිහැර වෙනවා. මුන්ගේ චන්දෙ බලාපොරොත්තු වෙන්න එපා. යන යකා කොරහ බිඳගෙන යනවා වගේ මුන් කීප දෙනෙකුට තුවක්කුවෙන් උත්තර දෙන්න. 1989 කාලේ වගේ මහ ජෙප්පෝ හැංගිලා බලන් ඉන්නවා ඇති මොකද සහෝදරයා උනේ කියමින් කාලකන්නි සෙට් එක

:       0       0

ජනිත් Wednesday, 01 March 2023 02:04 PM

වරායේ සේවකයන්ගේ පඩි වැඩි. වරායේ කම්කරුවෙක් අමත්‍යාංශ ලේකම් කෙනෙක්ට වඩා පඩි ගන්නවා ඇති. ඒක ලොකු අසාධාරණයක්. වෙන රටවල අධ්‍යාපන සුදුසුකම් අනුව තමයි පඩිය තීරණය කරන්නේ. මේක වෙනස් කරලා ඉහල අධ්‍යාපන සුදුසුකම් සහිත අයට වැඩි වැටුපක් ලැබෙන විදිහට නැවත පඩි සකස් කරන්න. වරායේ දේපල රජය සතු දේවල්. ඒවා හදන්න බදු ගෙවලා තියෙන්නේ මේ රටේ මිනිස්සු.

:       0       0

යෝගා Wednesday, 01 March 2023 02:25 PM

පාරවල් අවහිර කරලා නම් ඉල්ලීම් දිනාගන්න හදන්නේ, මේ අයව මෙහෙයවන පක්ෂ බලයට ආවොත් රට උතුරු කොරියාවටත් අන්ත තත්වයකට පත්වෙනවා නියතයි..

:       28       45

aravinda monarawilaWednesday, 01 March 2023 02:45 PM

නැති නිදහස සමරන්න ලෝකයෙන් හිඟාකාලා ගත්තු වාහන පාරට දාගෙන සති ගණන් පාරවල් වහගෙන බලිතොවිල් නටන විට රට සිංගප්පූරුවක් වෙනවද?

:       20       28

Rohana Wednesday, 01 March 2023 02:33 PM

මේ තදබදය ඇතිකළේ රනිල් රාජපක්ෂ කියලා කෙනෙක්... සමහරවිට එයා ඔයාළඟම ඉන්නවා වෙන්නත් පුළුවන්... තදබදයට එයා සම්පූර්ණ වගකිව යුතුයි. කතාකරලා විසඳුමකට එන්න....

:       32       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site