(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.
රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී සියයට 75.8 දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.
කෝටි දෙකකට ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසයි.
මේ අතර ආර්ථික අපහසුතා හේතූවෙන් තම දෛනික ජිවිතයේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තා මේදිනවල සුලභව පළවෙමින් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ ආහාර අහේනිය නරකම අතට
sanju Saturday, 10 September 2022 09:03 AM
ඒකට කමක් නැහැ උද්ඝෝෂණ කරපු උන් ටික හිරේ දාමු
Perera Saturday, 10 September 2022 11:07 AM
මොන බොරුද .අර ඇමති කිව්වේ එක වාට්ටුවක විතරයි කියලා මන්ධපෝෂණය තියෙන්නේ
samaadi Saturday, 10 September 2022 11:51 AM
මැති ඇමති අගමැති ජනාධිපතිලාට සැප පහසුකම් වැඩි කරනවාලු
maheshmenaka Saturday, 10 September 2022 01:46 PM
69 බලාපොරොත්තුව .සෞභාග්‍යයේ දැක්ම
Rohana Saturday, 10 September 2022 02:27 PM
රටට නායකත්වය දීමට සුදුසු නායකයකු තවමත් අපට නැත. ඉන්න අයගේ බොරු කයිවාරු විතරයි. හරියට රට පාලනය කරන්න දන්නේ නැහැ. ඒකයි රටේ මන්දපෝෂනය ඉහලයන්නේ.හම්බකරන තුට්ටු දෙක ආහාර සපයාගන්නවත් ප්‍රමාණවත් නැහැ.
pakeer Saturday, 10 September 2022 02:44 PM
එහෙම වෙන්න විදිහක් නෑ.. සබරගමු පළාතෙ රජයේ වැඩකට පරිගණක 200ක් ගත්තා ඔක්කොම දේවලුත් එක්ක. අපිට එහෙම සල්ලි ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ...!
APerera Saturday, 10 September 2022 09:16 PM
ඕවා බොරු. බලන්නකො අර දියවන්නා මඩුව පැත්තෙ ඉන්න එවුං දිහා බලන්නකො. කොච්චර සරුවට ඉන්න හැටි.
fairoos Sunday, 11 September 2022 01:41 PM
අරගලයට බැනපු අයට නම් දැන් සැප ඇතිනේ?