IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් වැසේ

(යොහාන් භාසුර)

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස හෙට (6) රාත්‍රී 10.00 සිට අනිද්දා (7) පස්වරු 5.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය.

ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවහාන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ හදිසි අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් සදහා මෙසේ මාර්ගය වසා තැබීමට සිදුව ඇති බව ද වීරකෝන් මහතා කීය.

අවිස්සාවේල්ල සිට කොළඹට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් වමට හැරී, ගොතටුව, කොලොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොලොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට ද, කොළඹ සිට අවිස්සාවේල්ලට පැමිණෙන වාහනවලට  වැල්ලම්පිටිය පොලිස්ථානය ඉදිරියෙන් දකුණට හැරී, කොළොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීමට හැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් වැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site