IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ අවට රථවාහන තදබදයක්

(ඉන්දිකා  රාමනායක සහ ඩයනා උදයංගනී)

කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ගණනාවක දැඩි රථවාහන තද බදයක් පවතී.

අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට  පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ, සේවක සේවිකාවන්ගේ වාහන, සහ  අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු වල නිරත වාහන, වෙන්කර හඳුනාගැනීම සඳහා අද (7) සිට විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එම කටයුතු සිදුවන ස්ථානවල මෙම තදබදය පවතී.

අත්‍යවශ්‍ය සේවා සහ මානුෂීය සේවා වශයෙන් වෙන්කර වර්ණ 11 ක්  යටතේ මෙම ස්ටිකර් අලවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

සෞඛ්‍ය සේවා, රාජ්‍ය අංශය, පුද්ගලික අංශ, මාධ්‍ය හා සන්නිවේදන අංශය, රාජ්‍ය සේවා අවශ්‍ය ප්‍රවාහන, පුද්ගලික සේවා අත්‍යවශ්‍ය ප්‍රවාහන, මානුෂීය සේවා, පිසු ආහාර ප්‍රවාහන සේවා, විදේශගතවීම්, ආදී වශයෙන් එහෙම වෙන් කිරීම් සිදුකර ඇති බවද හෙතෙම කීය.

මෙම ස්ටිකර් ලබන 14 දින දක්වා වලංගු වන බවත් ඒවා ඇලවූ වාහනවලට මාර්ග බාධක වලින්  ප්‍රමාධයකින් තොරව ගමන් කළ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

එම අවස්ථාව අවභාවිතා කරමින් වෙනත් පුද්ගලයන් අතට එය පත් කිරීම  දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිසිය විසින් අලවන ලද එම ස්ටිකරයේ වාහනය ගමන්  ගතයුතු ප්‍රමාණය සඳහන් කරන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ම ප්‍රවාහනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව ද හෙතෙම කීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)



අදහස් (5)

කොළඹ අවට රථවාහන තදබදයක්

Mahsen Monday, 07 June 2021 12:47 PM

අත්‍යාවශ්‍ය සේවා ලේබල් ගහගන්න තියෙන උනන්දුව, රැකියා කරන කොට තිබ්බා නම් අපි සිංගප්පූරුවලට ඉහළින්...

:       5       315

kamal Monday, 07 June 2021 02:18 PM

ඔය ලේබලේ හදන්න කාටද කොන්ත්‍රාත්තුව දුන්නේ?

:       108       78

fairoos Monday, 07 June 2021 04:13 PM

මෙතන තියන තදබදය තවත් කොරෝනා පොකුරක් නිර්මාණය කරන්න යන්නේ

:       0       1

Paksharaja Tuesday, 08 June 2021 07:55 AM

අප්‍රේල් 05 සංචරණ සීමා දැම්මා නම් ප්‍රශ්නේ ඉවරයිනේ... කොහොමද ඒවා කරන්න බැහැනේ... මුදලාලිව සනසන එක ලොකුයිනේ...!!!

:       0       1

Pat Wednesday, 09 June 2021 11:53 AM

මලකෝලම්... ලෝකෙ කොහේවත් නීති.. හොඳ ආදර්ශයක්..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site