IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක්

(යොහාන් භාසුර)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි.

නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ මෙම නිවසක වටිනාකම ලක්ෂ 120 ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබාගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාස ප්‍රදාන කරමින් ඔවුන්ට නිවාස හිමිකම්පත් ප්‍රදානය කළේය. 



අදහස් (2)

කොළඹ අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක්

ඇන්ටන් Friday, 29 September 2023 01:28 PM

බොරු වැඩක්... ඔය මිනිස්සු ඔය ගෙවල් කුලියට දීලා අයෙත් මුඩුක්කුවටම යනවා. මෙච්චර කාලයක් දීපු ගෙවල්වලට මොකද්ද වුනේ කියලා හොයලා බලන්න. නිකන් දීලා මේ රට නෙවෙයි මොනම රටක්වත් ගොඩ ගන්න බෑ...

:       0       0

Kokila Jayasekara Saturday, 30 September 2023 09:15 AM

මමත්. දුවත් කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවල නිරත වෙමින් බෝඩිම් කාමරයක ජීවත් වෙයි. සැමියගෙන් නීතියෙන් වෙන්වී සිටින අතර අපට ජීවත් වීමට තමන්ගේම නිවසක් නැතිකමින් අසරණ තත්වයට පත්ව ඇත.. කරුණු සලකා බලා අපට කොළඹ ප්‍රෙද්ශයෙන් නිවසක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site