
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180කට හෙට (17) ඔප්පු ප්‍රදානය කෙරෙයි.
කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට හිමිකම් ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩ සටහන යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔප්පු ප්‍රදානය සිදු කෙරෙයි.
මෙහි පළමු අදියර යටතේ "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු 1117ක් ලබාදීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස තිස් එකක නිවැසියන්ට මෙම "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹට හෙට ’’රන් දොරක්’’ ඇරෙයි
suraksha Tuesday, 16 July 2024 03:21 PM
බොහෝ වේලාවට ඔප්පු නොදෙන්නේ දුන්නොත් විකුණන නිසා. දැන් ඔප්පු ලැබුණම විකුණන්න පුළුවන්.
විජිත් Wednesday, 17 July 2024 02:08 AM
ඔය ඔප්පු ඇත්ත ඒවානම් හොඳට කියවලා බලලා අරගන්න.මේ හදිස්සියේම ඕවා දෙන්නේ ඔබලාගේ චන්දය හොරා කන්නයි ,නැතිව ඔබට ඇති ආදරයකට මේවා දෙනවා නොවෙයි. තවදෙයක් ..ඕවා රනිල්ගේවත් ,ප්‍රසන්නගේවත් බුදලය නොවෙයි, මේ රටට අයත් දේවල්. අවුරුදු 76ක් රට විනාශ කරපු සක්කිලි බල්ලන් මේ පාර චන්දයෙන් අනිවාර්යයෙන්ම උන්ට උරුම බලු කුඩුවලට දක්කන්න දැන් ජනතාව පෙළගැසී අවසන්.එහෙම වෙලාවක චන්දය ගන්න මේ වගේ බොළඳ වැඩ කිරීමෙන් පාලකයින් කියන හැතිකරේ උන්ගේ බෙල්ලට තොණ්ඩුව දමාගත්තා.හෙට සිට නොවෙයි දැනටත් චන්ද නීති බලපවත්වෙනවා. පසුගිය කාලයේ නොපවත්වපු පලාත්පාලන මැතිවරණයට දැමු මැතිවරණ නීති එලෙසම පවතිනවා.එහෙම වෙලාවක චන්ද අල්ලස් දීම නීති විරෝධී ක්‍රියාවක්. රනිල් ...තමුසේ අනිවාර්යයෙන්ම පරදිනවා..පැරදිලා හිරේ යනවා !!!