IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව තිබේ.

ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැදවූ සාගල රත්නායක මහතා මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වාගෙන යාම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත.

 



අදහස් (2)

කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි

Nihal Saturday, 12 August 2023 11:38 AM

මොනවා කළත් වැඩක් නෑ. පොලිතීන්, ප්ලාස්ටික් තහනම් නොකර, පළමුව කාණුවක් බලන්න... ලංකාවේ සෑම නගරයකම අවහිර වෙලා මදුරු කීට ලක්ෂ ගණනින් ...

:       0       0

Perera Saturday, 12 August 2023 12:48 PM

රට බංකොළොත්... විදේශ ණය ගෙවාගන්න බැහැ... රටේ මිනිස්සුන්ට හතේ හත වැදිලා වැදිලා මැරි මැරී යනවා. මෙතන කොළඹ හදාවඩා ගන්නවා... මේ ආණ්ඩුවේ අයට නම් හොඳටම විකාර...

:       19       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site