IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොළොන්නාවේ පාසල් වලට එන කුඩ්ඩන් මට්ටු කරන්න පොලිසිය

(අංජුල මහික වීරරත්න)

මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ  පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය.

මෙම සාකච්ඡාව කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්ගේ සහ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විණි.

මේ සඳහා කොලොන්නාව කොට්ඨාසයේ පාසල් 18ක විදුහල්පතිවරුන් සහභාගී වී සිටි අත, ඔවුහු මෙහි දී සිය ගැටලු, අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. 

කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරන බව  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය.

පාසල් මුරකරුවන්ගේ හිඟයක් පවතින අතර එම පුරප්පාඩු පිරවීම සඳහා  පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

ඉදිරියේ දී පාසල්වල ආරක්ෂාව සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.  ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් පද්ධතියේ ප්‍රජා දායකත්වය සහිත පොදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 



අදහස් (3)

කොළොන්නාවේ පාසල් වලට එන කුඩ්ඩන් මට්ටු කරන්න පොලිසිය

Toni Monday, 27 January 2025 11:05 PM

මේකනම් වෙන්නම බැහැ .ලංකාවේ කොහෙද කුඩු .මාස දෙකෙන් ලංකාවට කුඩු එන එක නතර කරානේ අපේ අය

:       1       8

Rata PerataTuesday, 28 January 2025 12:50 PM

මේකත් වෙන්නම බැරි වැඩක්. අපි හිතුවේ බයියෝ නැහැ කියලානේ.

:       2       0

Toni Wednesday, 29 January 2025 12:45 AM

රට පෙරට කියන වහල් ගවයෝ ,තනකොලම කකා ඉන්නේ නැතුව බත් ටිකකුත් කන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site